ජනාධිපති සිනමා සම්මාන උලෙළ 14 දා . . .

ශ්‍රී ලාංකේය සිනමාවේ අද්විතීය රාජ්‍ය ඇගයීම වන ජනාධිපති සිනමා සම්මාන උලෙළ – 2023 ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයන්ගේ සහභාගිත්වයෙන් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ මග පෙන්වීම යටතේ 14 දා සවස 6.30 ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ. 1979 වසරේ ආරම්භ කළ ජනාධිපති සිනමා සම්මාන උලෙළේ මේ පැවැත්වෙන්නේ 20 වන සිනමා සම්මාන උලෙළයි.

ලාංකේය සිනමා කලාව හා කර්මාන්තය පෝෂණය පිණිස සිනමාවේ විවිධ ක්ෂේත්‍ර ඇගයීම තුළින්, ලොව දිනන හෙළ සිනමාවක් බිහි කිරීම මෙහි අරමුණයි. “ලොව දිනන ලක් සිනෙ වරුණ” මෙවර සම්මාන උලෙළේ තේමා පාඨයයි. මෙම සිනමා උලෙළේදී 2019, 2020 පාදක වර්ෂයන්හි තිරගත වු චිත්‍රපට 42 ක් ඇගයීමට පාත්‍ර වේ. විශේෂයෙන් ස්වර්ණසිංහ සම්මාන ඇගයීම් 03ක්, පුරෝගාමි සම්මාන ඇගයීම් 04 ක් සහ විශ්ව කීර්ති සම්මාන ඇගයීම් 02ක් මෙවර ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇත. එමෙන්ම ලාංකේය සිනමාවේ ස්වර්ණමය යුග වර්ණවත් කළ සිනමාකරුවෙකු සඳහා පිරිනැමෙන යුගාභිමානී සිනමා සම්මානය මෙවර සම්මාන උලෙළේදී ඇගයීමට පාත්‍රවන විශේෂ සම්මානයකි.

එමෙන්ම ගෞරවාන්විත සිංහ තිළිණ සමඟ පිරිනැමෙන විශාල මුදල් ත්‍යාගද මෙම සම්මාන උලෙළේදී ප්‍රදානය කිරීමට බලාපොරොත්තු වේ.

  • silunina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අයවැය මැතිසබයට . . .

Mon Nov 13 , 2023
ලබන වසර ( 2024)  සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ( අයවැය කතාව) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට අද (13) දහවල් 12.00 ට ඉදිරිපත් කෙරේ. ජනාධිපතිවරයා අයවැය ඉදිරිපත් කරනු ලබන්නේ  මුදල් ඇමැතිවරයා වශයෙනි. අයවැය දෙවැනි වර කියවීමේ විවාදය හෙට (14) ආරම්භ කෙරේ. එම විවාදය ලබන 21 වැනිදා දක්වා දින හතක් (ඉරිදා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x