පාකිස්තානයෙන් ආනයනය කළ විස මිරිස් . . .

පාකිස්තානයෙන් ආනයනය කළ මිරිස්  කන්ටේනර් 25 ක්    ඇෆ්ලටොක්සීන් විෂ රසායනික අඩංගුවීම හේතුවෙන් ඒවා නැවත හරවා( ප්‍රති අපනයනය)  යැවූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මෙරට ව්‍යාපාරිකයන් පිරිසක් එම මිරිස් තොගය ආනයනය කර තිබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ නිලධාරියෙක් පැවසීය.

මේ අතර ආහාරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පවතින ගැටළු දැනුම් දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී ඇත.
0112112718 එම දුරකතන අංකයයි.

ඇෆ්ලටොක්සීන් අඩංගු බඩඉරිඟු  තොගයක්ද  මෙයට පෙර  ප්‍රතිඅපනයන කෙරිණ.

  • සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ශම්මි සිල්වා ඊයේ මාධ්‍ය හමුවේ කියපු බොරු . . .

Sun Nov 12 , 2023
ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඊයේ (11) මාධ්‍ය හමුවක් පත්වනු ලැබුවා. එහිදී ඔහු කියා සිටියේ, ජුලි මාසයේදී ද ක්‍රිකට් තහනම් කිරීමට ICC විසින් පියවර ගැනීමට යාමේදී තමන් මැදිහත්ව එය නැවැත්වූ බවයි. කෙසේ වෙතත් ESPNcricinfo වෙබ් අඩවිය මෙම ප්‍රකාශය පිළිබඳවද ආන්දෝලනාත්මක අනාවරණයක් කර තිබෙනවා. ඒ, අනුව 2022 දීද ශ්‍රී ලංකා ක්‍රිකට් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x