තමන්ට එල්ල ව ඇති ජීවිත තර්ජන ඇතුලු ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද (13) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
ඊයේ පෙරවරු 11.00 ට පමණ අමාත්‍යවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ලියකියවිල රැසක් සහිතව මෙම පැමිණිල්ල බාර දුන් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
පැමිණිල්ල ඉදිරිපත් කර අපරාධ පරික්ෂණ දෙපාර්තම්න්තුවෙන පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදීන් මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කළ විමසුමකදි ක්‍රිකට් සම්බන්ධයෙන් හා තමාට එල්ල වී ඇති ජීවිත තර්ජනය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පැමිණි බවත්, ඉදිරියේ දී ඒවා මාධ්‍ය වෙත දැනුම් දෙන බවට ද අමාත්‍යවරයා පැවසීය.
- ඉන්දිකා රාමනායක