දීපාවලියෙන් පසු දිල්ලි නුවර තත්ත්වය දරුණු වෙයි . . .

ඉන්දියාවේ දිල්ලි නගරයේ වායු තත්ත්ව දර්ශකය ඉතා දරුණු වී ඇති බවත් එහි ජනතාවට හුස්ම ගැනීමට පවා අපහසු වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තාකර ඇත.

දිල්ලියේ මාර්ග දූවිලි අංශ සහිත ඝන දුමාරයකින් වැසි ගොස් ඇති බවත් එම මාර්ගවල ගමන් ගන්නා විට මීටර් කිහිපයක් ඉදිරිය නොපෙනෙන බවත් වාර්තා වේ.

පසුගිය ඔක්තෝබර් මස අවසන් සතියේ සිට දිල්ලි නගරයේ පරිසර දුෂණයට අදාළ දර්ශකයන් හි අයහපත් අගයන් පෙන්නුම් කර තිබූ බව මාධ්‍ය වාර්තාවල පල විය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නියම කර ඇති සීමාව මෙන් 20 ගුණයකින් දිල්ලි නුවර වායූ දූෂණය ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව නගරයේ පාසල්වල ප්‍රාථමික පන්ති වසා දැමීමටත් නගරයට ට්‍රක් රථ ඇතුළුවීම සීමා කිරීමට කටයුතු කර ඇතැයි ද දැක්විණි.

මේ අතර, දීපාවලි සැමරුමත් සමඟ ඉන්දියාවේ වායු දුෂණය තව තවත් ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ.

ඊයේ (12) රාත්‍රියේ දීපාවලි සැමරීම සඳහා රතිඤ්ඤා පුපුරවා හැරීම සහ ගිනිකෙළි පැවැත්වීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇත. ඒ අනුව ලොව වායු දූෂණයේ ඉහළම නගර 10 අතරට ඉන්දියාවේ දිල්ලිය එක්ව තිබේ.

සෑම වසරකම බලධාරීන් දිල්ලි නුවර රතිඤ්ඤා තහනම් පනවන නමුත් එම තහනම ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට ඇත්තේ කලාතුරකිනි.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සේවකයින් 40ක් උමගක් තුළ සිරවෙයි . . .

Mon Nov 13 , 2023
උතුරු ඉන්දියාවේ උත්තරාඛාන්ඩ් ප්‍රාන්තයේ උමගක් කඩා වැටීමෙන් සේවකයින් පිරිසක් ඒ තුළ සිරවී සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. නාය යාමක් හේතුවෙන් එම උමගේ කොටසක් ඊයේ කඩා වැටී ඇති අතර බලධාරීන් පවසන්නේ ඒ තුළ සේවකයින් 40 දෙනෙක් පමණ සිරවී සිටින බවයි. සහන සේවකයින් මේ වනවිට ඔවුන්ව බේරාගැනීමේ කටයුතු ආරම්භකර ඇත. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x