ලොතරැයියේ අංක වෙනස් කළ සෙබළා මාට්ටු . . .

ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් ටිකට් පතක එක් අංකයක් සූක්ෂම ලෙස වෙනස් කරරුපියල් 2000 ක මුදලක්ජයග්‍රහනය කර ඇති බවට ඒත්තු ගන්වා එම මුදල ලබා ගැනීමට උත්සාහ කළේ යැයි යුද හමුදා සෙබළකු හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත .

ජාතික ලොතරැයි මණ්ඩලයේ සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කළුතර දිස්ත්‍රික් අළවි නියෝජිත වරයා  සැකකරු අල්ලාගෙන පැමිණ භාරදීමෙන් පසු කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

අත්අඩංගුවට ගත් මෙම සැකකාර සෙබළා මෙවැනිම ආකාරයට හොරණ නගරයේ අලෙවි නියෝජිතවරියක දරවටා වංචා සහගත ලෙස රුපියල් 200 ක මුදලක් ව්‍යාජ ටිකට් පතක් ඉදිරිපත් කර ලබාගෙන ඇති බව පරීක්ෂණවලින් හෙළිවී ඇති බව පරීක්ෂණ ඇතැයි පොලීසිය කියයි.

යුද හමුදා කඳවුරක රාජකාරි කරන පයාගල ප්‍රදේශයේ පදිංචි අයෙකි.

  • ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අතින් වියදම් කරගෙන හරි ක්‍රිකට් නිවැරදි කරනවා . . .

Mon Nov 13 , 2023
තම පෞද්ගලික මුදලින් හෝ අධිකරණය හමුවට ගොස් ක්‍රිකට් ක්‍රීඩාව නිවැරදි මාවත වෙත ගැනීමට තමන් උත්සාහ කරන බවත් ක්‍රිකට් තහනම පිණිස අඩිතාලම දැමූ අය සෙවීම සඳහා පරීක්ෂණයක් පවත්වන ලෙසට ජනපතිගෙන් ඉල්ලා සිටින බවත් ගම්පහ ප්‍රදේශයේ පැවැති උත්සව අවස්ථාවක් අමතමින් හිටපු ක්‍රිකට් නායක අර්ජුණ රණතුංග ප්‍රකාශ කළේය. මෙහිදී අදහස් දැක්වූ අර්ජුණ “රටක් පාවාදීලා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x