ගාමිණී වීරකෝන් දුලභ අභීත මාධ්‍යවේදියෙක් . . .

අප අතරින් වියෝ වූ ‘ද අයිලන්ඩ්’ සහ ‘සන්ඩේ අයිලන්ඩ්’හි හිටපු කර්තෘ ගාමිණී වීරකෝන් අප හඳුනාගත්තේ සියලු දෙනාගේ ගෞරවය දිනාගත් අභීත මාධ්‍යවේදියකු ලෙසටය.

1966දී පාර්ලිමේන්තු වාර්තාකරුවකු ලෙස සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට සම්බන්ධ වූ ගාමිණී මාධ්‍ය ගමන්මඟේ ඉහළ සංධිස්ථාන සනිටුහන් කරමින් Ceylon Observer සහ Ceylon Daily News හි ප්‍රවෘත්ති කර්තෘ තනතුරට පත් වූ අතරම ජාත්‍යන්තර මාධ්‍යකරණයේ විශේෂත්වයක් හිමිකරගනු ලැබීය. සිය මාධ්‍ය ජීවිතයේදී නොබැඳි සමුළු කීපයක්ද ආවරණය කිරීමට සමත් වූ ඔහුගේ දිගු හා කීර්තිමත් වෘත්තීය ජීවිතයේ පුළුල් පරාසයක විදේශීය ජනාධිපතිවරුන් සහ අගමැතිවරුන් සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වා තිබේ.

ගම්මා නමින් මිතුරන් අතර හැඳින් වූ ගාමිණී පිළිබඳ වැදගත් සිද්ධියක් හෙළි කළේ දිවයින කර්තෘ ගාමිණී සුමනසේකර වියතායි. 2001 වර්ෂයේ දී, මැතිවරණය ආසන්නයේ ‘විප්ලවවාදී’ නායක රෝහණ විජේවීර පිළිබඳ විවේචනාත්මක හෙළිදරව්වක් නිසා ඔහුගේ මස්සිනා කෙනෙක් වූ දොස්තර චන්ද්‍රා ප්‍රනාන්දු දිවයින කර්තෘ මණ්ඩල කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වුණා.

‘කවුද මේකෙ (අසභ්‍ය වචනයක්) කර්තෘ?’ ඔහු ගිගුරුම් දී තිබෙනවා.

ගාමිණී හැර හැමෝම කම්පනයට පත්වෙලා. ‘මමයි මේකේ (අසභ්‍ය වචනයක්) කර්තෘ’ කාමරයෙන් පිටතට ආපු ගාමිණී සන්සුන්ව පවසමින් සාහසික පුද්ගලයාට සාර්ථකව මුහුණ දුන්නා. ගාමිණී සෑම විටම ඍජුව වචනයෙන් සහ ක්‍රියාවෙන් ඔහුගේ ස්ථාවරය පිලිබිඹු කළා. ගාමිණී ලිබරල් කතුවැකි ප්‍රතිපත්තියක් අනුගමනය කළා. ඔහු දේශපාලන පිටියේ සෑම කෙනෙකුටම ඉඩ දුන්නේය.

‘මම ඔබට නොඉල්ලූ උපදෙසක් දෙන්නම්. ඔබ විවේචනය කරන විට ඔබ කෝප විය යුතු නැහැ. සමහර විට ඔබට ඒක මෘදු ලෙස ඉදිරිපත් කිරීම වඩාත් ඵලදායී වෙන්න පුළුවන්’ ඔහු තරුණ මාධ්‍යවේදීන්ට සෑම විටම උපදෙස් දුන් බව ප්‍රකටයි.

එල්ල වන දේශපාලන බලපෑම්වලට ඔහුට රිදෙන්න ඇත. නමුත් ඔහු එය පෙන්වූයේ නැත. ඔහු දිගටම ලිව්වේ ඔහුගේම නමින්. හවසට ඔහු සමාජ ශාලාවට ගිහින් බිව්වා. මට ඔහුව මුණගැසුණු අවස්ථා කීපයකදීම සුපුරුදු ලෙස මිත්‍රශීලි බවින් යුතු වුණා. සෑම විටම ඔහුගේ අදහස් ස්ථිරව ඉදිරිපත් කළා. තර්කානුකූල ලෙස විවිධ මතවලට එකඟ වුණා වගේම මා කරන කියන දේවල් ගැන අවංක උනන්දුවක් දැක්වූවා. අනෙක් සියල්ලන්ටමත් එය එසේම වූ බව මට විශ්වාසයි.

අමෙරිකා එක්සත් ජනපදය, ජපානය, දකුණු කොරියාව, ඉන්දියාව, පාකිස්තානය සහ ප්‍රංශය රටවල ආරාධිතයෙක් ලෙස ඔහු කීපවිටක් ආරාධනා ලැබීය. ගාමිණී වීරකෝන් ෆෝඩ් පදනමේ සහ ජපන් පදනමේ අරමුදල්වලින් ස්ථාපිත වූ කොළඹ මූලස්ථානය වන කලාපීය උපාය මාර්ගික අධ්‍යයන ආයතනයේ ( RCSS) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි.

ගාමිණී මට සුහදව ආශ්‍රය කිරීමට ලැබුණේ මා එම ආයතනයේ සම අධ්‍යෂක පදවිය දැරූ කාලයේදීය. මාසික රැස්වීම්වලට සහභාගි වූ ඔහු දකුණු ආසියාකරයේ සුප්‍රකටම වියතුන්ගෙන් සමන්විත RCSS අධ්‍යක්ෂ මණ්ඩලයට කලාපීය සංහිඳියාව පිළිබඳ අගනා උපදෙස් ලබා දුන්නේය.

පසුව ගාමිණී සමඟ මදුරාසියේ හින්දු පුවත්පත පැවැත් වූ කලාපීය කතුවරුන්ගේ සමුළුවකට සහභාගි වීමට මටද අවස්ථාව ලැබිණි. අයිලන්ඩ් කාර්යාලයේ දී සුහද ඇසුරකට අකැමැති දැඩි මතධාරී බවක් පිළිබිඹු කළ ද ගාමා නමින් අප හැඳින්වූ ගාමිණීගේ සුහදශීලි බව මා මැනවින් අවබෝධ කර ගත්තේ අප මදුරාසියේ ගත කළ කාලයේදීය. එම සමුළුවේදී ගාමිණීගේ ජාත්‍යන්තර දැනුම ඉන්දියාවේ සුප්‍රකට කතුවරුන් වූ එන්. රාම්, ශේකර් ගුප්තා, කේ. කේ. කට්යාල් ආදීන්ගේ ඉමහත් පැසසුමට ලක් විය.

ලේක්හවුස් ආයතනයෙන් මාධ්‍ය දිවිය අරඹා පසුව ඔහු දිනපතා අයිලන්ඩ් සහ සන්ඩේ අයිලන්ඩ්හි ප්‍රවෘත්ති කර්තෘවරයකු ලෙස උපාලි පුවත්පත් සමූහයට සම්බන්ධ වූ අතර, ප්‍රකාශන දෙකෙහිම කර්තෘ බවට පත්විය. පසු කලකදී ඔහු සන්ඩේ ලීඩර් උපදේශක කර්තෘ ලෙස සම්බන්ධ වූ අතර, ඉන් අනතුරුව සන්ඩේ ටයිම්ස් පුවත්පතට සතිපතා තීරු ලිපියක් ලිවීය. පසුගිය මාසය වනතෙක්ම සිය පාඨකයන් වෙනුවෙන් පෑන් තුඩ හැසිරවූ ගාමිණී මාධ්‍ය ලොව සදා නොමැකෙන නාමයක් රැඳවූ අභීත මාධ්‍යවේදියෙකි.

ගාමිණී වීරකෝන් සමාදානයේ සැතපේවා!….

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

IPL වෙන්දේසියෙන් ශ්‍රී ලංකා සියළු ක‍්‍රිඩකයන් ඉවතට . . .

Tue Nov 14 , 2023
මීලග ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා වන වෙන්දේසියෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉවත් කර ඇති බව වාර්තා වෙයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක් පනවා තිබීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එළැඹෙන 19දා ඩුබායි හිදී පැවැත්වීමට නියමිතව ඇත. ශ‍්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් ද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x