විදුලි බිල ගැන විශේෂ තීරණයක් . . .

ඊ බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි වන ලෙසට ලංකා විදුලිබල මණ්ඩලය සිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ ඒ සඳහා ebil.ceb.lk වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි විය හැකි බවය.

එසේ නොමැති නම් 1987 අංකයට කෙටි පණිවුඩයක් (SMS) යොමුකිරීම හරහාද මෙම ඊ බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි විය හැකිය.

ඒ සඳහා ඔබගේ දුරකථන අංකයෙන් EBILL<හිස්තැනක්>විදුලි ගිණුම් අංකය<හිස්තැනක්>විද්‍යුත් තැපැල් ලිපිනය ලෙස සඳහන් කර 1987 අංකය වෙත කෙටි පණිවුඩයක් (SMS) යොමුකළ යුතුවෙයි.

මේ වනවිට දෙහිවල, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශවලද මාතර සහ අම්බලන්ගොඩ ප්‍රදේශවලටද මේ වනවිට නිකුත් කරන්නේ ඊ බිල්පත් පමණි.

ඒ අනුව මුද්‍රිත බිල්පත් මුළුමනින්ම නතරකිරීම මෙම ක්‍රමවේදයේ මූලික අරමුණ වී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම සේවාව ඉදිරි මාස කිහිපය ඇතුළත දිවයින පුරා විදුලි පාරිභෝගිකයින් වෙත සැපයීම අරමුණ වී ඇති බවය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉන්දියන් සාගරයේ ප්‍රබල භූ කම්පනයක් . . .

Tue Nov 14 , 2023
ශ්‍රී ලංකාවට ගිණිකොන දිගින් ඉන්දියන් සාගරයේ ගැඹුරු මුහුදේ භූ කම්පනයක් සිදුව තිබේ. එය රික්ටර් මාපකයේ 6.1ක අගයක් ගෙන ඇත. කෙසේ වෙතත් භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශය සඳහන් කර ඇත්තේ ඉන් ශ්‍රී ලංකාවට බලපැමක් ඇති නොවන බවය. aruna  

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x