ශ‍්‍රී ලංකාව ශූරයන්ගේ කුසලානයෙන් ඉවතට . . .

2025 වසරේ පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් කණ්ඩායම් අට ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග අවසන් වීමත් සමගයි.

ඒ අනුව ශූරයන්ගේ කුසලානය සඳහා සහභාගී වන රටවල් වන්නේ සත්කාරක පාකිස්තානය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇෆ්ගනිස්ථානය, එංගලන්තය හා බංග්ලාදේශයයි.

මෙම තරගාවලිය පාකිස්තානය දී පැවැත්වෙයි.

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී අවසන් දෙදෙනා බවට පත්වූ ශ්‍රී ලංකාවට නෙදර්ලන්තයට මෙම තරගාවලිය අහිමි වෙයි. එමෙන්ම ලෝක කුසලානයට සහභාගී නොවූ බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාවේ, අයර්ලන්ත කණ්ඩායම් වලට ද එම තරගාවලිය අහිමි වී යයි.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගාමිණී වීරකෝන් දුලභ අභීත මාධ්‍යවේදියෙක් . . .

Tue Nov 14 , 2023
අප අතරින් වියෝ වූ ‘ද අයිලන්ඩ්’ සහ ‘සන්ඩේ අයිලන්ඩ්’හි හිටපු කර්තෘ ගාමිණී වීරකෝන් අප හඳුනාගත්තේ සියලු දෙනාගේ ගෞරවය දිනාගත් අභීත මාධ්‍යවේදියකු ලෙසටය. 1966දී පාර්ලිමේන්තු වාර්තාකරුවකු ලෙස සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට සම්බන්ධ වූ ගාමිණී මාධ්‍ය ගමන්මඟේ ඉහළ සංධිස්ථාන සනිටුහන් කරමින් Ceylon Observer සහ Ceylon Daily News හි ප්‍රවෘත්ති කර්තෘ තනතුරට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x