ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද කොප් කමිටුවට . . .

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (14) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙයි.

අද (14) පස්වරු 2.00 ට මෙම කැඳවීම සිදු කර ඇති බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ගැටලුවක් පවතීනම් ඒ පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට යොමු කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ට පසුගිය 10 වැනි දා පාර්ලිමේන්තුවේ දී දැනුම් දුන්නේ ය.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද මෙලෙස කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබේ.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විදුලි බිල ගැන විශේෂ තීරණයක් . . .

Tue Nov 14 , 2023
ඊ බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි වන ලෙසට ලංකා විදුලිබල මණ්ඩලය සිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ ඒ සඳහා ebil.ceb.lk වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි විය හැකි බවය. එසේ නොමැති නම් 1987 අංකයට කෙටි පණිවුඩයක් (SMS) යොමුකිරීම හරහාද මෙම ඊ බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි විය හැකිය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x