කෝප් සභාපතිට මැතිසබේ විරෝධයක් . . .

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝප් ) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර  එම කාරක සභා රැස්වීම යන අතරේදී  කිහිප අවස්ථාවකදී කටට ඇඟිල්ල තබා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට  විවිධ රහසිගත සංඥා දෙමින්  උත්තර නොදෙන්නැයි ඉල්ලීම් කිරීම  බරපතළ සැකයට තුඩුදෙන කාරණයක් බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගයේ  මන්ත්‍රීවරුන්  ඊට දැඩි ලෙස  විරෝධය පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ඊයේ(15) පෙරවරුවේ ඇතිවිය.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතින කෝප් සභාපති වරයාගේ මෙම ක්‍රියාකලාපය ඇතුළත් වීඩියෝ පටය ගැන සමාජයේ බරපතළ සාකච්ඡාවක් මතු වී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස තමා කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද  විපක්ෂනායකවරයා සඳහන් කළේය.

  • සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විරාට් කෝලි වාර්තා බිඳ දමයි . . .

Wed Nov 15 , 2023
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු විරාට් කෝලි විසින් මේ වන විට නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන අවසන් පූර්ව තරගයේදි වාර්තා රැසක් පිහිටුවීමට සමත් විය. එක්දින ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ පිතිකරුවෙකු විසින් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට විරාට් කෝලි අද (15) සමත් විය. මේ දක්වා එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x