බිහිසුණු බස් අනතුරක් . . .

බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් කහතුඩුව පොල්ගස්ඕවිට මංසන්ධියේ දී අනතුරක් සිදුවී ඇත.එම අනතුරින් 6 දෙනෙකු රෝහල් ගත කර ඇත ඒ අතර පාසල් සිසුවියක් ද වේ.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ මත්තෙගොඩ සිට පැමිණි වෑන් රථය කොළඹ දෙසට හැරවීමට සූදානම් වීමේ දී කැස්බෑව දෙස සිට කොළඹ දෙසට අධික වේගයෙන් ගමන් ගත් පෞද්ගලික බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි.

අනතුර සිදුවු වහාම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා එම ස්ථානයෙන් පලාගොස් කහතුඩුව පොලිසිය වෙත භාර වී ඇත. එම අනතුරින් තුවාල ලබා ඇත්තේ වෑන් රථයේ රියදුරු, එහි ගමන් ගත් පුද්ගලයෙකු සහ බස් රථය රථයේ ගමන් ගත් පාසල් සිසුවියක සහ කාන්තාවන් තිදෙනෙකි.

තවද වෑන් රථයේ සිරි වී සිටි පුද්ගලයකු ඉන් මුදවා ගැනීමට දැඩි පරිශ්‍රමයක් සිදු දැරීමට සිදුවී ඇති අතර  වෑතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බරපතළ තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු සහ වෑන් රථයේ ගමන් කළ අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ කහතුඩුව පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව වාර්තා වේ.

  • Gagana

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලොව සිටින සරාගීම මිනිසා . . .

Wed Nov 15 , 2023
ලොව ජීවත්ව සිටින සරාගීම මිනිසා ලෙසට පැට්‍රික් ඩෙම්ප්සේ People සඟරාව විසින් නම්කර තිබේ. මීට පෙර පැට්‍රික් ඩෙම්ප්සේට වඩා වයසින් වැඩි පුද්ගලයෙකු සරාගීම මිනිසා ලෙස නම්කර තිබුණි. ඔහු මෙම කිරුළ හිමිකර ගන්නේ මීට හිමිකම් කියූ දෙවන වයස්ගතම පුද්ගලයා ලෙසය. අමෙරිකා ජාතික ඩෙම්ප්සේ ජනප්‍රිය හොලිවුඩ් නළුවෙකු වන අතර ඔහු මේ වනවිට 57 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x