ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු විරාට් කෝලි විසින් මේ වන විට නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන අවසන් පූර්ව තරගයේදි වාර්තා රැසක් පිහිටුවීමට සමත් විය.
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ පිතිකරුවෙකු විසින් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට විරාට් කෝලි අද (15) සමත් විය.
මේ දක්වා එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවකට හිමිකම් කියනු ලැබුවේ ඉන්දියාවේ හිටපු සුපිරි පිතිකරුවකු වන සචින් ටෙන්ඩුල්කාර් විසින් රැස්කර ගත් ලකුණු 673 වේ.
එම වාර්තා බිද දමමින් කෝලි ලකුණු 701ක් රැස්කර ගැනීමට සමත් විය.
එමෙන්ම එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ලකුණු 700 සීමාව පසුකළ පළමු ක්‍රීඩකයා බවට පත්විය.
මේ අතර විරාට් කෝලි සිය එක්දින ක්‍රිකට් දිවියේ 50 වැනි ශතකය අද වාර්තා කිරීමට සමත් විය.
ඒ සමඟම ජාත්‍යන්තර එක්දින පිටියේ වැඩිම ශතක ලාභියාගේ වාර්තාව තමන් සතු කර ගැනීමට ද විරාට් කෝලි සමත් විය.
මීට පෙර සචින් ටෙන්ඩුල්කාර් සහ විරාට් කෝලි ශතක 49 බැගින් රැස් කරගෙන සිටියහ.
විරාට් කෝලි සිය ශතකය පන්දු 108කින් සම්පූර්ණ කළ අතර, ඊට හතරේ පහර 09ක් සහ එක් 06 පහරක් අන්තර්ගත විය.
මේ අතර මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩිම හතරේ සංඛ්‍යාවක් වාර්තා කළ පිතිකරුවන්ගේ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට විරාට් සමත් විය.
විරාට් කෝලි මෙම තරගාවලිය පුරා එල්ල කර ඇති හතරේ පහර සංඛ්‍යාව 64කි.
- aruna