අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයට තේරී පත් වී තිබේ.
ප්‍රංශයේ පැරිස් හි යුනෙස්කෝ මූලස්ථානයේ පැවති අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා වන ඡන්ද විමසීමේ දී යුනෙස්කෝ අධ්‍යක්ෂක මණ්ඩලයට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වූ ඔහු ආසියානු ශාන්තිකර කලාපයෙන් තේරී පත්ව ඇති බව සඳහන් වේ.
ඡන්ද හිමි රටවල් 188න් රටවල් 144ක ඡන්ද ලබා ගෙන ඔහු මේ සඳහා තේරී පත්ව තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකාවට 2024 සිට 2027 වසර දක්වා යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කිරීමට මෙමගින් අවස්ථාව හිමි වුණි.
අධ්‍යාපන අමාත්‍යවරයා මීට පෙර 2008 වර්ෂයේ දී මේ සඳහා ඉදිරිපත් වූ අතර, මෙවර ඡන්දයෙන් යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයට තේරී පත් වීම විශේෂත්වයකි.
- aruna