කැනඩාවට පළා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයා කොටුවෙයි . . .

කූඨ ලෙස සකස් කළ කැනේඩියානු වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඩුබායි ඔස්සේ කැනඩාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අද (16) දින උදෑසන අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු 37 හැවිරිදි මඩකලපුව ප්‍රදේශයේ පදිංචි ද්‍රවිඩ ජාතිකයෙකි .

අද උදෑසන 08.15 ට ඩුබායි බලා පිටත්ව යාමට නියමිත එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 653 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු සිය නිශ්කාශන කටයුතු සදහා ඉදිරිපත් කළ ලියකියවිලි අතර තිබූ කැනේඩියානු වීසා බලපත්‍රය පිළිබඳව සැක සිතූ ගුවන් සේවා නිලධාරීන් , ඔහු ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .

එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂාවන් වලදී මෙම වීසා බලපත්‍රය කූඨ ලෙස සකස් කළ එකක් බවට තහවුරු වී තිබේ .

ඉන්පසුව මෙම පුද්ගලයා අත් අඩංගුවට ගත් ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් , ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී ඔහු රුපියල් ලක්ෂ 30 ක් තැරැව්කරුවෙකුට ලබා දී මෙම වීසා බලපත්‍රය සකස් කරවා ගත් බවත් , ඔහු කැනඩාවට ගිය පසු තවත් රුපියල් ලක්ෂ 30 ක් ගෙවීමට එකග වී ඇති බවත් අනාවරණය කළේය .

එයින් පසු මෙසේ අත් අඩංගුවට ගත් මෙම පුද්ගලයා මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ .

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලෝක ක්‍රිකට් කුසලානයේ අවසන් මහා තරඟයට විශේෂ ගුවන් ගමන් . . .

Thu Nov 16 , 2023
මේ දිනවල ඉන්දියාවේ දී පැවැත්වෙන ලෝක ක්‍රිකට් කුසලානයේ අවසන් මහා තරඟය වෙනුවෙන් අහමදාබාද් ගුවන්තොටුපොල විශේෂ ගුවන් ගමන් සැලැස්මක් ක්‍රියාත්මක කරන බව නිවේදනය කර තිබේ. ඉදිරි සතියක කාලය තුල ගමන් වාර 787 ක ප්‍රමාණයක් ගුවන්තොටුපොල හරහා ක්‍රියාත්මක වීමට නියමිත බවත් ඒ අතරට දේශිය සහ විදේශිය ගුවන් සමාගම් වලට අයත් යානා පවතින […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x