රතුපාට රෝස්ට් චිකන් කන්නේ බලාගෙනයි . . .

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවන්නේ, විවිධ වර්ණක යොදා දීප්තිමත් ප්‍රියමනාප තත්ත්වයට පත් කර ඇති බිරියානි වර්ග, ප්‍රයිඩ් රයිස් සහ මස් වර්ග වැනි ආහාර ශරීරයට හානිකර බවයි.

එම සංගමයේ භාණ්ඩාගාරික රෝෂණ කුමාර ප්‍රකාශ කර සිටියේ, මෙම වර්ණක නියමිත ප්‍රමාණයට යොදා තිබෙනවා ද එසේ නොමැති නම් වැඩි මාත්‍රාවක් යොදා ඇත්ද යන්න සෙවීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය රසායනාගාර පරීක්ෂණයක් කළ යුතු බවයි.

එමෙන්ම වෙළඳපොළේ දක්නට ලැබෙන වර්ණක භාවිත කළ යුතු ප්‍රමාණය පිළිබඳව ආහාර පනතේ නියාමනය කිරීම සඳහා වගන්තිද ඇතුළත් කර තිබෙනවා.

කෙසේ වෙතත් අධික ලෙස මෙවැනි වර්ණ යොදා ගනිමින් රෝස්ට් චිකන් බුරියානි සකස් කිරීම සහ ප්‍රයිඩ් රයිස් වර්ග සැකසීම සඳහා මෙම වර්ණ බහුලවම භාවිත කිරීම ආහාර වෙළඳසැල් ආශ්‍රිතව දක්නට ලැබෙන අතර ඒ සඳහා අවශ්‍ය නීති රීති සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර සුරක්ෂණ ඒකකය සතුව පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර සුරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන  කියා සිටියේ.

  • Wayomi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හමාස් භාරයේ සිටි ප්‍රාණ ඇපකාරියක් මියයයි . . .

Fri Nov 17 , 2023
හමාස් තුවක්කුකරුවන් විසින් ඔක්තෝම්බර් 07 වනදා පැහැර ගත් ඊශ්‍රායල කාන්තාවකගේ මළ සිරුරක් හමුව තිබෙනවා. යෙහුදිත් වීස් නම් 65 හැවිරිදි වියේ පසු වූ ඇයගේ සිරුර ගාසා තීරයේ ශිෆා රෝහල අසල තිබූ ගොඩනැගිල්ලක තිබී හමුවිය. දේහය හඳුනා ගැනීමෙන් අනතුරුව අයගේ මරණය පිලිබඳ පවුලේ ඥාතීන්ට දැනුම් දුන් බවයි වාර්තා වන්නේ. ප්‍රාණ ඇපකාරියක් වූ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x