ඔන්ලයින් හරහා වාහන අලෙවි කිරීමේ සූදානමක් . . .

ලොව ප්‍රමුඛතම ඊ-වානිජ්‍ය සමාගමක් වන ඇමසන් සමාගම විසින් එළඹෙන 2024 වසරේ සිට මෝටර් රථ අලෙවි කිරීමට සැළසුම් කර තිබේ.

එහි පළමුවැනි අදියර වශයෙන් හයුන්ඩායි (Hyundai) මෝටර් රථ එක්සත් ජනපදය තුළ ඔන්ලයින් මාර්ගයෙන් අලෙවි කිරීමට සැලසුම් කර ඇත.

මෙම සමාගම් විසින් අදාළ සහයෝගීතාව නිවේදනය කර ඇති බව රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරයි.

Amazon.com හි Hyundai හි ඩිජිටල් ප්‍රදර්ශනාගාරය පුළුල් කිරීම සඳහා මීට වසර දෙකකට පෙර ප්‍රකාශයට පත් කරන ලද ක්‍රියාමාර්ගයක ඉදිරි පියවරක් ලෙසින් මෙය හැඳින්විය හැකිය.

මේ හරහා පාරිභෝගිකයින් හට වාහනයක මිල ගණනය කිරීම, අලෙවිය සම්පූර්ණ කිරීමට අලෙවිකරුවෙකු සොයා ගැනීම ඇතුළු කාර්යයන් රැසක් ඉටුකර ගත හැකි වනු ඇත.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජනාධිපතිවරණය 2024 වසරේ සැප්තැම්බර් . . .

Sun Nov 19 , 2023
2024 වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැයට, මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණ තුනකට අදාළව රුපියල් බිලියන 31ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළේය. ඒ අනුව මෙම ඇස්තමේන්තුව ඉදිරිපත් කර ඇත්තේ, ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණයට අදාළවයි. කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණයට අදාළව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x