චිත්‍රපට අධ්‍යක්ෂක සංජේ ගාද්වි අභාවප්‍රාප්තවේ . . .

ඉන්දියාවේ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන සංජේ ගාද්වි අභාවප්‍රාප්ත වී තිබේ.

අද (19) උදෑසන සිය නිවසේ සිටියදී හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අධ්‍යක්ෂකවරයා මිය ගොස් ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් හදිසියේ ඇති වූ හෘදයාබාදයක් මරණයට හේතු වී ඇති බවට සැක පළකරණ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියයන විට ඔහු 56 වන වියේ පසු වූ අතර තව දින 3කින් එනම් නොවැම්බර් 22 වනදාට ඔහුගේ 57 වන උපන්දිය යෙදී ඇති බව සඳහන් වෙයි.

සංජේ ගාද්වි හින්දි චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කර ඇති අතර 2004 වසරේ “Dhoom” සහ 2006 වසරේ “Dhoom 2” යන සාර්ථක වූ හින්දි චිත්‍රපට දෙකට අධ්‍යක්ෂණයෙන් දායක වී තිබේ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට . . .

Mon Nov 20 , 2023
හය වන වරටත් එක්දින ලෝක කුසලානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය. ඒ, ප්‍රතිවාදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක පහසු ජයක් හිමි කර ගනිමිනි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමට සියලු කඩුලු දැවී රැස් කර ගත හැකි වූයේ, ලකුණු 240ක් පමණි. කේ.එල්. රාහුල් ලකුණු 66ක්, විරාට් කෝලි ලකුණු 54ක් සහ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x