මහවැලි අධිකාරියෙන් නිවේදනයක් . . .

පවතින අධික වර්ෂාවත් සමග කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් මේවනවිට පිටාර මට්ටමට ආසන්නව පවතිව බවත් මහවැලි අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයෙන් මහවැලි අධිකාරිය වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ පිටාර මට්ටමට පැමිණි වහාම ජලාශයේ වාන් දොරටු මගින් කොත්මලා ඔයට ජලය මුදා හැරීමට කටයුතු කරන බැවින් ජලාශයෙන් පහළ ගඟ ආශ්‍රිත ප්‍රදේශයේ ජනතාවට විමසිලිමත්ව කටයුතු කරන ලෙසටය.‍

එබැවින් කොත්මලේ වේල්ලලෙන් පහළ කොත්මලා ඔයේ නුගවෙල, රිවර්සයිඩ්, මාවතර ප්‍රදේශ හා මහවැලි ගඟේ උලපනේ ප්‍රදේශයේ සිට ගම්පොල, වැලිගල්ල, ගෙලිඔය, පේරාදෙණිය, කටුගස්තොට, පොල්ගොල්ල දක්වා ප්‍රදේශ අනතුරුදායක බැවින් ගඟ පරිහරණය කිරීමෙන් වළකින ලෙස ද දැනුම් දී තිබේ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වෛද්‍ය සැපයීම් අංශයේ උසස් නිලධාරීන් සිව්දෙනෙකු අත්අඩංගුවට . . .

Mon Nov 20 , 2023
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් නමැති ප්‍රතිදේහජනක ඖෂධය මෙරටට ගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම් අංශයේ 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.  පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂවරයා, සහකාර අධ්‍යක්ෂවරිය, ගණකාධිකාරිවරයා හා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x