වෛද්‍ය සැපයීම් අංශයේ උසස් නිලධාරීන් සිව්දෙනෙකු අත්අඩංගුවට . . .

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් නමැති ප්‍රතිදේහජනක ඖෂධය මෙරටට ගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම් අංශයේ 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂවරයා, සහකාර අධ්‍යක්ෂවරිය, ගණකාධිකාරිවරයා හා තොග පාලකවරයායි.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මාඔය පිටාර ගලයි . . .

Mon Nov 20 , 2023
කොටදෙනියාව දියගම්පල වැලිහිඳ  ප්‍රදේශ මා ඔය උතුරා ජලයෙන් යටවීමෙන් කුරුණෑගල කොළඹ අංක 5 පාර මීගමුව මීරිගම 251 මාර්ගයේ ගමනාගමනය අද අලුයම සිට ඇනහිට පවතී. කොටදෙනියාව පන්නල මාර්ගයේ පිහිටි මිත්‍රත්ව පාලම යට වීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය ද ඇනහිට පවතී ඊයේ රාත්‍රී දහය පමණ සිට මා ඔයේ ජල මට්ටම ක්‍රම ක්‍රමයෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x