මහනුවර ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් ස්වක්‍රීයව විවෘත වී තිබේ.
වසර දෙකකට පමණ පසුව ක්‍රියාත්මක වී ඇති මින් මුදාහැරෙන ජල ප්‍රමාණය තත්ත්පරයක ඝන මීටර 159ක්. ඒ හේතුවෙන් වික්ටෝරියා වේල්ල හරහා ගමන් කිරීම තාවකාලිකව අත්හිටු වූ බව මහවැලි සංවර්ධන අධිකාරිය නිවේදනය කර ඇත.
මේ අතර දැදුරු ඔය ආශ්‍රිත ගංවතුර අවදානම තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු අටම තවදුරටත් ක්‍රියාත්මක බවයි, එහි ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එස්.පී.සි.සූගීෂ්වර සඳහන් කර සිටියේ.
- aruna