පොළව යට සිරවී සිටින කම්කරුවන්ගේ පළමු වීඩියෝව . . .

දින නවයකට පසු පළමු වරට ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ උමං මාර්ගයක සිරවී සිටි කම්කරුවන් 41 දෙනාගේ දර්ශන කැමරාවක සටහන් වී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, උමග තුළට විදින ලද නව නලයක් හරහා යැවූ endoscopic කැමරාවක් භාවිතයෙන් වීඩියෝව රූගත කර ඇති බවයි.

සේවකයන්ට දින කිහිපයකින් ඔවුන්ගේ පළමු උණුසුම් ආහාර වේල ලබා දීම සඳහා ගැලවුම්කරුවන් එම නළයම භාවිතා කළ බවයි වාර්තා වන්නේ.

මෙතෙක් ඔවුන් ජීවත් වූයේ මීට පෙර ඇතුල් කරන ලද පටු පයිප්පයක් හරහා යවන ලද කෙටි ආහාර වලිනුයි උතුරු ප්‍රාන්තයේ උත්තර්කාෂි දිස්ත්‍රික්කයේ ඉදිවෙමින් පවතින උමං මාර්ගය නාය යෑමකින් පසු කඩා වැටුණේ පසුගිය නොවැම්බර් 12 වැනිදායි.

 

  • Sewvandhi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කුසුමලතා මහගම සේකර අභාවප්‍රාප්තවේ . . .

Tue Nov 21 , 2023
මෙරට බිහි වූ අග්‍රගණ්‍ය කලාකරුවෙකු වන මහගම සේකරයන්ගේ බිරිඳ, කුසුමලතා මහගම සේකර අද (නොවැ. 21) අභාවප්‍රාප්ත වී තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා උපාධිධාරිනියක වූ ඇය දීර්ඝ කාලයක් භාෂා හා සාහිත්‍ය ගුරුවරියක වශයෙන් දිවයිනේ පාසල් රැසක සේවය කර ඇත. මිය යන විට ඇය 88 හැවිරිදි වියෙහි පසු වූවා ය. ගෞරව දැක්වීම සඳහා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x