සූර් වෙලා ‘ඩ්‍ර‍යිව්’ කරොත් දඬුවම් සැර වෙන හැටි . . .

මත්ද්‍රව්‍ය භාවිතාකර රිය පදවන රියදුරන් මහා මාර්ගයේදී පරික්ෂා කිරීමට අදාළ වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ,දකුණු පළාත් සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, පොලිස් ස්ථානාධිපතිවරුන් සහ දකුණු පළාත් සියලුම පොලිස් රෝහල්වල අධිකරණ වෛද්‍ය නිලධාරීවරුන් එක්ව  මත්ද්‍රව්‍ය භාවිතාකර රිය පදවන රියදුරන් මහා මාර්ගයේදී පරික්ෂා කිරීමට අදාළ වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීම සඳහා zoom තාක්ෂණය ඔස්සේ මරදාන අමාත්‍යාංශ පරිශ්‍රයේදී සාකච්ඡාවක් පැවැත්විණ.

මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන රියදුරන් මහා මාර්ගයේදී පරික්ෂා කිරීමට අදාළ වැඩපිළිවෙළ නියමු ව්‍යාපෘතියක් ලෙස දැනට බස්නාහිර පළාතේ ක්‍රියාත්මකව පවතී. එහි දිගුවක් ලෙස එම ව්‍යාපෘතිය දකුණු පළාත ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් පවතී .

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව, රජයේ රස දෙපාර්තුමේන්තුව, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සනත් නිශාන්ත විපක්‍ෂ නායකට ගහන්න පනී . . .

Tue Nov 21 , 2023
පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් නොසන්සන්සුන් තාවයක් හේතුවෙන් සභාව විනාඩි කිහිපයකට කල් තැබීබීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන  අද කටයුතු කළේය. ඒ ස්ථාවර නියෝග යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විමසන ලද ප්‍රශ්නයක් හේතුවෙන් ඇතිවූ උණුසුම් තත්වයක් මතයි. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන අය ආර්ථිකයට කළ විනාශයට පාඩුව ඔවුන්ගෙන් අයකරගත යුතු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x