හමුදාව අධිවේගී රාජකාරියට බහියි . . .

අධිවේගී මාර්ග ජාලය පෞද්ගලිකකරණය කිරීමට පිඹුරුපත් සැකසීම ඇතුළු  කරුණු කිහිපයක් මුල්කර ගනිමින් හෙට (22) මාර්ග සංවර්ධන අධිකාරියේ සියලුම ශ්‍රේණි වලට අයත් සේවකයන් අසනීප නිවාඩු වාර්තා කර සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටීමට තීරණය කිරීමත් සමගම එම රාජකාරි කටයුතු ආවරණය කිරීම සඳහා  හමුදා නිලධාරීන් යෙදීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත 

එහි මූලික පියවර ලෙස අද (21)  සවස පනාගොඩ යුද හමුදා කඳවුරේ අනු ඛණ්ඩයක්  අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු  කළමනාකරණ ඒකකයේ ගැලනිගම අන්තර් හුවමාරු ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ, එහි අධ්‍යක්ෂක නඩත්තු හා මෙහෙයුම් ආර්. ඒ. ඩි. කහටපිටිය ගේ මඟ පෙන්වීම මත රාජකාරි කටයුතු ආවරණය කරන ස්ථාන පිලිබද  අවබෝධයක් ලබා ගත්තේය.

  • බිමල් ශ්‍යාමන් ජයසිංහ

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

Shell ඉන්ධන පිරවුම්හල් 200ක් ශ්‍රී ලංකාවට . . .

Tue Nov 21 , 2023
පෙට්‍රෝලියම් නිෂ්පාදන වෙළෙඳාමේ නිරත ලොව ප්‍රමුඛ පෙළේ සමාගමක් වන එක්සත් ජනපදයේ RM Parks Inc. සමග ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ගිවිසුමකට එළඹ තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය මේ බව සඳහන් කර ඇත. Shell නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ අලෙවි කිරීම සඳහා මෙම ගිවිසුමට එළඹ ඇත. ඒ අනුව, RM Parks Inc. සහ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x