‘සක්‍යා’ හිමිකරු බණ්ඩාර දිසානායකට අධිකරණ නියෝගයක් . . .

පානදුර sakkya academy high education අධ්‍යපනය ආයතනය පවත්වාගෙන යන ගොඩනැගිලි පරිශ්‍රයේ “බදු ගිවිසුම” උල්ලංඝනය කරමින් මාස හයකට අධික කාලයක් නීති විරෝධීව රැඳී සිටිමෙන් සිදුවූ අගතියට රුපියල් එක්කෝටි හැටපන් ලක්ෂයක (16500000.00)වන්දියක් ගෙවන්නැයි නුගේගොඩ දිසා අධිකරණය සක්‍යා අධ්‍යාපන ආයතනයට නියෝග කළේය .

පානදුර සක්‍යා academy ගොඩනැගිල්ල හිමිකාරත්වය දරණ දිල් හෝල්ඩිං පුද්ගලික සමාගම විසින් kohuwala sakya academy high education සමාගමට එරෙහිව පැවරූ බදු දී ඇති දේපල ආපසු ලබා ගැනීමේ නඩුව සලකා බැලීමෙන් පසුව නුගේගොඩ දිසා විනිසුරු කල්හාරි කේ ලියනගේ මෙම නියෝගය නිකුත් කළාය .

විත්තිකාර අධ්‍යාපන ආයතනයේ විරෝධතා ප්‍රතික්ෂේප කළ දිසා විනිසුරුවරිය බදු ගිවිසුම් කාලය 2023 මාර්තු 31 වැනි දිනෙන් අවසන් වී ඇති බවත්, එසේ නීතිවිරෝධීව මාස හයකට අධික කාලයක් රැඳී සිටීම වෙනුවෙන් රුපියල් ලක්ෂ අනූ දෙකක බදු මුදලක් ගෙවන ලෙස සිය නියෝගයේ සඳහන් කර ඇත .

එම බදු මුදලට අමතරව රුපියල් ලක්ෂ 72ක ඇප මුදලක් ද අධිකරණයේ තැන්පත් කරන ලෙස දිසා විනිසුරුවරිය විත්තිකාර අධ්‍යාපන ආයතනයට නියෝග කර ඇත .

2023 ජනවාරි මස 17 වැනි දින පාර්ලිමේන්තුව මගින් සම්මත කර ඇති බදු සන්තකය ආපසු ලබා ගැනීමේ පනත ප්‍රකාරව නඩු කටයුතු කඩිනමින් අවසන් කළ යුතු බවට පෙන්වා දී ඇති දිසා විනිසුරුවරිය මෙම හිඟ බදු මුදල් හා ඇපය ගෙවන ලෙසට විත්තිකාර ආයතනයට වැඩිදුරටත් නියෝග කර ඇත. ඒ අනුව දින 14 ක් ඇතුලත විත්තිකාර පාර්ශ්වයට නියෝග කළාය.

  • Repoter
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රූපවාහිනිය සහ ගුවන්විදුලිය සමාගමක් වෙයි . . .

Tue Nov 28 , 2023
දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන එම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය. ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව මේ වසරේ රුපියල් කෝටි 28 ක පමණ පාඩුවක්ද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මේ වසරේ රුපියල් කෝටි 46 ක පමණ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x