රූපවාහිනිය සහ ගුවන්විදුලිය සමාගමක් වෙයි . . .

දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන එම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය.

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව මේ වසරේ රුපියල් කෝටි 28 ක පමණ පාඩුවක්ද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මේ වසරේ රුපියල් කෝටි 46 ක පමණ පාඩුවක්ද ලබා ඇතැයි අමාත්‍යවරයා කීවේය.

මහ භාණ්ඩාගාරයට මෙම නාලිකා සඳහා මුදල් ප්‍රතිපාදන තවදුරටත් ලබාදීමට අපහසු බව පෙන්වා දුන් ගුණවර්ධන එම ආයතන සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයිද ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය මධ්‍යවලින් ප්‍රමාණවත් ප්‍රචාරණයක් නොදෙන බව කාරක සභාවේදී අදහස් ඉදිරිපත්ව ඇත.

පීඩාවට පත්වන මහජනතාවගේ අපහසුතා මාධ්‍යවලින් විකාශ කිරීම මෙන්ම ඒවා සංවර්ධනය කිරීමෙන් පසු ඒ පහසුකම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වැදගත් බවද ඔහු ප්‍රකාශ කළේය.

ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 23 වැනිදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වෛද්‍ය ආඥාපනත සංශෝධනයට . . .

Tue Nov 28 , 2023
විශේෂඥ වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වෛද්‍ය ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් සකස් කිරීමට අනුමැතිය ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.  එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් යෝජනා කරන ලද විශේෂඥ වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීමට අදාළ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා 1927 අංක 26 දරන වෛද්‍ය ආඥාපනත සංශෝධනය කිරීමේ යෝජනාව මේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x