පීඩන අවපාතයෙන් දිවයිනට දැඩි බලපෑම් . . .

නිරිතදිග බෙංගාලෙ බොක්ක ආශ්‍රිත පීඩන අවපාතය දෙසැම්බර් 01 දින රාත්‍රී 11.30 වන විට උතුරු අක්ශාංශ 10.3° සහ නැගෙනහිර දේශාංශ  85.3° ආසන්නයේ ප්‍රදේශයේ ත්‍රීකුණාමලයේ සිට කිලෝ මීටර් 490ක් පමණ ඊසාන දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ඉදිරි පැය 12 තුල ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත්, දෙසැම්බර් 03 දින වන විට සුළිකුණාටුවක් දක්වාත් තවදුරටත් වර්ධනය වනු ඇත.

මෙම පද්ධතිය ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයේ බටහිරට වන්නට බරව වයඹ  ගමන් කර දෙසැම්බර් 05 වැන විට ඉන්දියාවේ උතුරු තමිල්නාඩු වෙරළ තීරය දක්වා ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළකුලින් බරව පවතිනු ඇත. උතුරු, උතුර – මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල විිටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලි.මීරට් 1000 වැඩි තද වැසි ද ඇති විය හැකියි.

දිවයිනේ සෙසු පළාත්වල පස්වරු 1.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දකුණ ුසහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකිය. උතුරු උතුරුමැද, වයම සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මිටර් 4.0 -50 පමණ තද සුළං බලාපොරොත්තුවන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

  • lankadeepa
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මඩු රක්ෂිතය වනසමින් කළ මහා වැලි ජාවාරම . . .

Sat Dec 2 , 2023
කිලිනොච්චි දිස්ත්‍රික්කයට අයත් පනිකක්ද මඩු රක්ෂිතයට අයත් ප්‍රදේශයේ ගොඩ වැලි නිධි හාරා වැලි ඉවත් කිරීමේ මහා ජාවාරමක් කොටුකරගැනීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය හා විශේෂ කාර්යය බලකාය , සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ද සහාය සහිතව වැටලීමක් සිදුකර ඇත. මෙම ජාවාරම සිදුවන ස්ථානයට කිලෝමීටර් එක හමාරක් පමණ දුරින් ජයපුරම් පොලිස් ස්ථානය පිහිටා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x