ආණ්ඩුවෙ මන්ත්‍රීන්ට බදු ලිපි ගොනු . . .

ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට බදු ලිපිගොනු විවෘත කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලය විසින් ක්‍රියාත්මක කර තිබේ.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගේ ප්‍රධානත්වයෙන් ඇති ආදායම් එකතු කිරීමේ අංශය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

ඒ අනුව සියලුම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයට කැඳවා ඔවුන්ට බදු ලිපිගොනු සකස් කිරීම සිදු කෙරෙයි.

දෙසැම්බර් 01 වෙනිදාට පෙර මෙම බදු ලිපිගොනු පුරවා අවසන් කරන ලෙස මන්ත්‍රීවරුන්ට දැනුම් දී අැත.

මෙතෙක් බදු ලිපි ගොනු විවෘත කර නොතිබූ මන්ත්‍රීවරුන් තිස් දෙනකු පමණ මේ වැඩසටහන යටතේ අලුතින් බදු ලිපිගොනු විවෘත කර තිබෙන බව පාර්ලිමේන්තු ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පීඩන අවපාතයෙන් දිවයිනට දැඩි බලපෑම් . . .

Sat Dec 2 , 2023
නිරිතදිග බෙංගාලෙ බොක්ක ආශ්‍රිත පීඩන අවපාතය දෙසැම්බර් 01 දින රාත්‍රී 11.30 වන විට උතුරු අක්ශාංශ 10.3° සහ නැගෙනහිර දේශාංශ  85.3° ආසන්නයේ ප්‍රදේශයේ ත්‍රීකුණාමලයේ සිට කිලෝ මීටර් 490ක් පමණ ඊසාන දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඉදිරි පැය 12 තුල ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත්, දෙසැම්බර් 03 දින වන විට සුළිකුණාටුවක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x