හොර පාරෙන් ඉතාලි පනින්න ගිය කෙල්ලො දෙන්නා . . .

ව්‍යාජ ලෙස සකස් කළ වීසා බලපත්‍ර මගින් ඉතාලිය වෙත පළා යාමට තැත් කළ තරුණියන් දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොලේ දී අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවක් සහ යාපනය , වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණියකි.

ඔවුන් ඉදිරිපත් ලියකියවිලි පිළිබඳ සැක සිතූ කටාර් ගුවන් සේවා නිලධාරීන් මොවුන් දෙදෙනා ගුවන් තොටුපොළ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙන අතර එහිදී සිදු කළ විමර්ශනවලදී මෙම ඉතාලි වීසා බලපත්‍ර ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සකස් කර ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජනපති බිල් ගේට්ස් හමුවෙයි . . .

Sun Dec 3 , 2023
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බිල් ගේට්ස් අතර හමුවක් අද (03) සිදුවිය. ඩුබායි හි එක්ස්පෝ සිටි හි පැවත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP 28) අතරතුරදී මෙම හමුවීම සිදුව ඇත. ගෝලීය අභියෝග සහ නිවර්තන කලාපය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලබා දිය හැකි නායකත්වය පිළිබඳ අවධානය යොමු කරමින් මෙම සාකච්ඡාව සිදුකර ඇත. ඊට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x