ස්කෑන් යන්ත්‍රයේ කොටස් රේගුව නිදහස් කරයි . . .

රේගුවේ රදවාගෙන තිබූ කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ සී.ටී. ස්කෑන් යන්ත්‍රයේ කොටස් ඊයේ (4) පස්වරුවේ නිදහස් කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂ සීවලි අරුග්ගොඩ අද (5) ‘ලංකාදීප’යට පැවසීය.

සී.ටී. ස්කෑන් යන්ත්‍රයේ කොටස් ආනයනය කළ ආනයනකරු රේගුවට නිකුත් කර තිබූ ලිපි ලේඛණවල අඩුවක් හේතුවෙන් එම අමතර කොටස් රඳවාගෙන තිබූ බව කී රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා එම අඩුව සම්පූර්ණ කිරීමෙන් පසුව ඒවා නිදහස් කළ බව ද සඳහන් කළේය.

සී.ටී. ස්කෑන් යන්ත්‍රයේ කොටස් රඳවා ගැනීමට සිදුව ඇත්තේ රේගුවේ වරදකින් නොවන බව ද රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂ සීවලි අරුග්ගොඩ වැඩි දුරටත් කීය.

එම සී.ටී. ස්කෑන් යන්ත්‍රයේ කොටස් නිදහස් නොකිරීම හේතුවෙන් එම රෝහලේ ස්කෑන් පරීක්‍ෂණ මාස 4 ක පමණ කාලය සිට අත්හිටුවීමට සිදුවී තිබූ බව ජනමාධ්‍යවල වාර්තා පළවිය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අවුරුදු දෙසීයකට පසුව මිනිසුන්ට ලැබුණු තැපැල් ලිපින . . .

Tue Dec 5 , 2023
කුරුණෑගල, මාවතගම ” මුවන් කන්ද” වතුයායේ වාසය කරන පදිංචිකරුවෙකු ගොනු කර තිබූ පෙත්සමක් අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී එම පවුල් සඳහා තැපැල් ලිපින ලබා දීමට පියවර ගෙන ඇති බව නීතිපතිවරයා ඊයේ (04) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. පෙත්සම්කරු සිය පෙත්සමෙන් පෙන්වාදී තිබුණේ වසර දෙසීයකට වඩා පදිංචිව සිටිමින් මෙරට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x