අක්කර බදු අයකිරීම අත්හිටුවයි . . .

කෘෂිකාර්මික ඉඩම් සඳහා අය කෙරෙන අක්කර බදු අය කිරීම අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

අක්කර බදු  ලෙස සැලකෙන්නේ කෘෂිකාර්මික ඉඩම් සඳහා අක්කරයකට රුපියල් සියයක් බැගින් අය කරගන්නා බදු මුදලකි. මෙම බදු මුදල් සංවර්ධන නිලධාරීන් මගින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව  අය කර ගෙන රාජ්‍ය ආදායමට බැර කරනු ලබයි.

අක්කර බදු තවදුරටත් අය කළ යුතු නැතැයි  ජනාධිපති රනිල් වික්‍රමසිංහ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සඳහන් කළ බව අමාත්‍යවරයා කීය.

මෙම බදු මුදල අය කිරීම මගින් ලැබෙන ආදායමට වඩා වැඩි මුදලක්  ඒවා එකතු කිරීමට රජයට  වැය කිරීමට රජයට සිදු වී තිබූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එමනිසා ඉදිරියේ දී අක්කර බදු අය කිරීම මුලුමනින්ම අතිහිටුවීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. අක්කර බදු අය කිරීම  මගින් රජයට අහිමි වන මුදල රුපියල් බිලියනයකි.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බොම්බයි ලූණු මිල අහස උසට . . .

Tue Dec 12 , 2023
වෙළඳපොලේ මේ වනවිට ලොකු ලූණු මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මෙම දින දෙක තුළ වෙළඳපොලේ ලොකු ලූණු කිලෝග්‍රෑම් එක්ක මිල රුපියල් 100 කින් පමණ මිල ඉහළ ගොස් ඇති බවයි පාරිභෝගිකයින් පවසයි. මේ වනවිට සිල්ලර වෙළඳපොලේ ලොකු ලූණු කිලෝග්‍රෑමයක් රුපියල් 380.00ත් 450.00ත් අතර මිලකට අලෙවි වන බවයි වාර්තා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x