ශ්‍රී ලංකා ක්‍රිකට් නඩුව අවසන් . . .

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ඉදිරිපත් කළ පෙත්සම් විභාගය අවසන් කිරීමට අභියාචනාධිකරණය අද (15) තීරණය කළේය.

කෙසේ වෙතත් ඉදිරියේදී යම් සාධාරණ නීතිමය අවශ්‍යතාවයක් මතු වුවහොත් එම පෙත්සම යළි කැදවීමට පෙත්සම්කරුවන්ට අයිතිය ලබාදෙමින් පෙත්සම් විභාගය අවසන් කරන බවත් විනිසුරු මඩුල්ල නියෝග කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීමට අතුරු පාලක කමිටුවක් පත්කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පොහොට්ටුවේ නව නායකයා ලෙස මහින්ද රාජපක්ෂ පත්වේ . . .

Fri Dec 15 , 2023
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නව නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවත පත් කර ගැනීම පොදුජන පෙරමුණේ මහ සමුළුවේදි සිදුවිය. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ දෙවන මහා සම්මේලනයේ දී හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේගේ විසින් යෝජනා කළ අතර, එම යෝජනාව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් ස්ථිර කරනු ලදී. ඉන් අනතුරුව එම යෝජනාවට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x