ඉන්දියාවේ නව කොවිඩ් ප්‍රභේදයක් . . .

ඉන්දියාවේ නව කොවිඩ් 19 වෛරස ප්‍රභේදයක් පැතිර යමින් පවතින බව එරට සෞඛ්‍ය බලරීන් සදහන් කර ඇත.

ඉන්දීය මාධ්‍ය පවසන්නේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය තුළ මෙම නව කොරෝනා වෛරස ප්‍රභේදය වැඩි වශයෙන් වාර්තා වී ඇති බවයි.

එමෙන්ම සිංගප්පූරුවෙන්ද මෙම නව වෛරස ප්‍රභේදය සිංගප්පූරුවෙන්ද හමුවී ඇති බවට වාර්තාවේ.

ඒ අනුව ඊයේ පමණක් ඉන්දියාව තුළ නව කොරෝනා ආසාදිතයින් 312ක් හමු වී තිබූ අතර ඉන් 280ක් කේරළ ප්‍රාන්තයෙන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත්, වෛද්‍යවරුන් පවසන්නේ මෙම ආසාදිතයින් බොහෝ දෙනෙකු සුළු රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කරන බවයි.

කේරලයේ කොවිඩ් -19 රෝගීන්ගේ හදිසි වැඩිවීමක් දක්නට ලැබෙන අතර මේ මාසයේ වෛරසය හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගියේය. නිල සංඛ්‍යාලේඛනවලට අනුව, නොවැම්බර් මාසයේදී කේරළයේ රෝගීන් 470 ක් සහ මෙම මාසයේ පළමු දින දහය තුළ නව රෝගීන් 825 ක් වාර්තා වී තිබේ.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කැමිලස් පෙරේරා ශූරීන් අභාවප්‍රාප්ත වේ . . .

Sun Dec 17 , 2023
ගජමෑන්, මගෝඩිස් ඇතුළු කාටුන් චරිත රැසක් මුද්‍රිත මාධ්‍ය තුළ නිර්මාණය කළ ප්‍රවීණ කාටුන් ශිල්පී කැමිලස් පෙරේරා ශූරීන් අද (17) පෙරවරුවේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු 84 වියේ පසු වූ අතර අවසන් කටයුතු අද කොවිඩ් රෝග විදිවිධාන අනුව අද දිනම සිදුකර තිබේ. කැමිලස් පෙරේරා 1939 දෙසැම්බර් 01 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x