සෝමාවතිය මාර්ගය ජලයෙන් යටවෙයි . . .

මහවැලි ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශයන්ට හා පොළොන්නරුව දිස්ත්‍රික්කයට අඛණ්ඩව දින ගණනාවක සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ගඟ පිටාර ගැලීම ආරම්භ කර තිබේ.

ඒ හේතුවෙන් ඓතිහාසික සෝමාවතිය පූජා භූමියට ගමන් ගන්නා සුංගාවිල – සෝමාවතිය මාර්ගය අඩි දෙකකට ආසන්න උසකින් ජලයෙන් යට වී ඇත.

ඒ අනුව, අද (16) උදෑසන සිට එම මාර්ගයේ සැහැල්ලු රථ වාහන ධාවන කටයුතු නවතා දැමීමට කටයුතු කළ බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

එබැවින් එම මාර්ගය භාවිත කරන ජනතාව ඒ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසට පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පොහොට්ටුවේ මහ සමුළුවට පිරිස ගෙනා හැටි හෙළිවෙයි . . .

Sat Dec 16 , 2023
පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරන්නේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ පක්‍ෂ සම්මේලනයට දෙමටගොඩ මාළිගාවත්ත වනාතමුල්ල ආදි ප්‍රදේශවලින් ජනතාව ගෙනවිත් ඇත්තේ වව්චර් දෙන බවට පොරොන්දු වී බවයි. එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ, ලබන පාසැල් වාරය ආරම්භ වීමේදී දරුවන්ට පොත් ලබා ගැනීම සඳහා එම වවුචරය ලබාදෙන බවත් එය ලබා දෙන්නේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x