ගිලන් රථ රියැදුරන්ගේගේ දෙදිනක වර්ජනයක් . . .

අද (19) සහ හෙට (20) දෙදින මධ්‍යම පළාතේ ගිලන් රථ රියදුරන් වැඩවර්ජනයක නිරත වීමට පියවර ගෙන ඇති බව මධ්‍යම පළාත් ගිලන් රථ සහ ප්‍රවාහන රියදුරු සංගමය සඳහන් කළා.

ඒ, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් ක්‍රියාත්මක කරන ස්ථාන මාරු ක්‍රමවේදයට විරෝධය පළ කරමින් .

මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ගිලන් රථ සහ ප්‍රවාහන රියදුරු සංගමයේ සභාපති සම්පත් කරුණාරත්න වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින්,

“ස්ථානමාරු ක්‍රමවේදයේ දී අපි දිගින් දිගටම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ තමයි ආයතන සංග්‍රහයට අනුව අපේ ස්ථානමාරු සිදුවුණේ. නමුත් මධ්‍යම පළාතේ ආණ්ඩුකාරතුමා අනුමත කරපු ස්ථානමාරු ඒකාබද්ධ රියදුරු සේවයේ ප්‍රතිපත්තිය අනුව මෙවර අපි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් එළියට මාරු කරලා තියෙනවා කිහිපදෙනෙකුගේ අවශ්‍යතාවයට. මෙවර ස්ථානමාරු කිරීමේ ක්‍රමවේදයේදී ජ්‍යෙෂ්ඨ, පළපුරුදු රියදුරන් 15 දෙනෙකු ඉල්ලීම නොතකා එළියට මාරු කරලා තියෙනවා. මධ්‍යම පළාතේ ජනතාවට සේවය සලසන්න මේ පළපුරුදු සේවකයන් එළියට මාරු කරන එක නවත්වන්න අපි දෙදින සංකේත වැඩවර්ජනයක් සිදුකරනවා. අපේ විරෝධය පළ කරනවා. එසේ නොවන්නේ නම් ජනවාරි 1 සිට අඛණ්ඩ වැඩවර්ජනයකට යනවා.”

  • Wayomi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බන්ධනාගාර බස් රථවලට CCTV කැමරා සවිකරයි . . .

Tue Dec 19 , 2023
බන්ධනාගාර බස් රථවලට සී.සී.ටී.වී. කැමරා සවිකිරීම ආරම්භ කර ඇති බවත් රැඳවියන් අධිකරණවලට ඉදිරිපත් කරන බන්ධනාගාරවල බස් රථයකට හෝ කැමරා සවිකරන ලෙස උපදෙස් දී ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක පැවසීය. වැලිකඩ බන්ධනාගාරයේ බස් රථයක කැමරා පද්ධතිය කැමරා 7 කින් සහ දර්ශන පථයකින් සමන්විත වන අතර සියලුම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x