නීතිපති දෙපාර්තමේන්තුවටත් කෝටි තිහක පොල්ලක් . . .

නීතිපති දෙපාර්තමේන්තුව  රුපියල් කෝටි තිහකට වැඩි හිඟ ආදායමක් (2022 වර්ෂයේ  දෙසැම්බර් මස 31 වනවිට) අයකරගැනීම පැහැර හැර ඇතැයි   ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

මෙම ආදායම් අය කර ගැනීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බවද  එම වාර්තාවේ දැක්වේ.

මේ අනුව හිඟ ආදායම් ලෙස  රුපියල් කෝටි නවයකට වැඩි මුදලක් වසර දහයකට වැඩි කාලයක් තිස්සේද  කෝටි හතරකට වැඩි මුදලක් වසර 7සිට 9 දක්වා කාලයක් තිස්සේද  කෝටි තුනකට වැඩි මුදලක් වර්ෂ 4 සිට 6 දක්වා කාලයක් තිස්සේද   කෝටි හතකට ආසන්න මුදලක්වර්ෂ 1 සිට 3   දක්වා කාලයක් තිස්සේද  මෙලෙස  අයකරගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අතර නීතිපති දෙපාර්තමේන්තුව රාජ්‍ය සංස්ථා මණ්ඩල පළාත් සභා සහ බැංකු යනාදී ආයතන  13 කින්  2005  වර්ෂයේ සිට  2022 වර්ෂය දක්වා අඛණ්ඩව කෝටි දාහතක හිඟ ආදායමක් අය කරගෙන නොතිබූ බව එම වාර්තාව සඳහන් කරයි.

මෙම හිඟ මුදල් සම්බන්ධයෙන් අප්‍රමාදව නීති ප්‍රකාරව කටයුතු කරන ලෙසත් නීති මාර්ගයෙන් හෝ හිඟ මුදල් අයකර ගත නොහැකි නම් දීර්ඝ කාලීන හිඟ මුදල් භාණ්ඩාගාරයේ එකඟතාව මත කපා හැරීමට අප්‍රමාදව කටයුතු කරන ලෙසත් විගණන අංශ නිර්දේශ කර ඇත.

මේ අතර දෙපාර්තමේන්තුව කුලී පදනමට ලබාගෙන තිබූ ගොඩනැගිල්ලක් සහ දෙපාර්තමේන්තුවේ නව ගොඩනැගිල්ල සඳහා 2022 ජනවාරි සිට මාර්තු දක්වා විදුලි බිල් පත් ගෙවීමේදී මාසික විදුලි පාරිභෝජන වියදමට අමතරව ලක්ෂ ගණනක පොලී මුදලක්ද සහිතව බිල්පත් සඳහා ගෙවීම් කිරීමෙන් රජයට මූල්‍ය අවාසියක් සිදුවී තිබූ බව එම වාර්තාව පෙන්වා දෙයි.

මෙම තොරතුරු සඳහන් වන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

  • සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සිපෙට්කෝ ඉන්ධන හල් වැසීයාමේ අවදානමක් . . .

Wed Dec 20 , 2023
සිපෙට්කෝ ඉන්ධන හල් වැසීයාමේ අවදානමක් මතුව ඇති බව ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. ඉන්ධන පිරවුම්හල්වලට දැනට හිමිවන කොමිස් මුදලින් සියයට 35ක් නඩත්තු ගාස්තු ලෙස සංස්ථාව යළි අයකර ගැනීමට සුදානම් වීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බව ඔවුන් පෙන්වාදෙයි. අදාළ මුදල් දෙසැම්බර් 25වන දිනට පෙර ලබාදෙන ලෙසත් එසේ නොමැති වුවහොත් ඉන්ධන නිකුත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x