පරෙවි දූපත තාවකාලිකව වසයි . . .

ඊසාන මෝසම් වර්ෂාව සමග මුහුදේ වාරකන් කාලය ආරම්භ වීම නිසා ත්‍රිකුණාමලය නිලාවේලි පරෙවි දූපත ජාතික උද්‍යානය අද (දෙසැ. 20) තාවකාලිකව වසා දැමූ බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නිලාවේලි දූපත නැරඹීමට බෝට්ටු මගින් යන සංචාරකයන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන ඇති බව ය.

සෑම වසරක ම නිලාවේලි දූපත මුහුදේ වාරකන් කාල සීමාව තුළ වසා තබන බව ත් මේ වසර තුළ වාරකන් කාලය ආරම්භය ප්‍රමාද වී ඇති අතර එම නිසා නිශ්චිතව දූපත නැවත විවෘත කරන දිනය සඳහන් කිරීමට නොහැකි බවත් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරට ත් සඳහන් කළේ, මුහුදේ ස්වභාවය නැවත යථා තත්ත්වයට පත් වූ පසු ජනතාවට නැවත දූපත නැරඹීමට විවෘත කරන බව ය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අන්තර්ජාලයෙන් Sex බලන්නන්ගේ තොරතුරු Google මෙරට පොලිසියට දෙයි . . .

Wed Dec 20 , 2023
කුඩා දරුවන්ගේ නිරුවත් ඡයාරූප හෝ ලිංගික දර්ශන සමාජ ජාලා වෙත මුදාහරින්නේ නම් හෝ එවැනි දර්ශන නිරන්තරයෙන් අන්තර්ජාලය ඔස්සේ නරඹන්නේ නම් ඒ පිළිබඳව තොරතුරු ගූගල් සමාගම් විසින් මෙරට ළමා හා කාන්තා කාර්යාංශ වෙත ලබා දීමේ වැඩපිලිවෙලක් සකසා තිබේ. ඉන් අනතුරුව එම තොරතුරු මත පැමිණිල්ලක් නොමැතිවම සැකකරුවන් අත්අඩංගරු ගැනීමට කටයුතු කළ හැකිය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x