නීති විරෝධී වයින් නිෂ්පාදනගාරයක් වටලයි . . .

මොරටුව උයන ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාණ වයින් නිශ්පාදනාගාරයක් වටලා එක් සැකකරුවකු සමගින් වයින් නිශ්පාදන තොගයක් අත් අඩංගුවට ගත් බව පාදුක්ක සුරාබදු කාර්යාලය පවසයි.

මෙම නිශ්පාදන අලෙවිය සදහා වෙබ් අඩවියක් ද නිර්මාණය කර අන්තර් ජාලය හරහා ඇණවුම් ලබා ගනිමින් කාළයක සිට මහා පරිමාණයෙන් මෙම වයින් නිශ්පාදනාගාරය පවත්වාගෙන ගොස් තිබූ බවද එම කාර්යාලය පවසයි

පාදුක්ක සුරාබදු කාර්යාලයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක කීර්ති ආරියපාල ට ලද තොරතුරක් මත උපාය දූතයෙකු යොදා ගනිමින් නිවසක පවත්වාගෙන ගිය මෙම නීති විරෝධි වයින් නිශ්පාදනාගාරයට ඇතුලු වී මෙම වැටලීම සිදු කර ඇත.

උත්සව සමය ඉලක්ක කර ගනිමින් වෙනත් කාල වලට වඩා වැඩි වයින් නිශ්පා

දනයක් මෙහිදී සිදු කර ඇති බවත් සමාජ මාධ්‍ය හරහා කිව් ආර් (QR) සංකේත භාවිතා කරමින් ඉතා ඉහල මිල ගණන්වලට මෙම වයින් නිශ්පාදන අලෙවි කර ඇති බවත් අත් අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකල ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බවද එම කාර්යාලය පවසයි.

  • කේ. බුද්ධික කුමාරසිරි
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

යළි මුව ආවරණ පළඳින්නැයි ඉල්ලීමක් . . .

Fri Dec 22 , 2023
ඉන්දියාවේ මේ දිනවල පැතිරෙමින් පවතින නව කොවිඩ් ප්‍රභේදය සහිත රෝගීන් ශ්‍රී ලංකාව තුළ ද සිටීමට ඉඩ ඇති බවට තමා විශ්වාස කරන බැවින් හැකිතාක් මුව ආවරණ යළි භාවිතා කරන ලෙසට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර පවසයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x