බැසිල්-නාමල් දෙදෙනාම ජනාධිපතිවරණයට . . .

නාමල් රාජපක්ෂ සමග පසුගියදා පසුපෙල මන්ත්‍රීවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් සමග සාකච්ඡාවක් පැවැත්වුනේ මලලසේකර මාවතේ ඔහුගේ නිවසේදීය.

ව්‍යාපාරික ධම්මික පෙරේරා පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම්කල මාධ්‍ය කිහිපයක පලවී තිබිණි.

ඇයි ධම්මික පෙරේරා ඉල්ලන්නෙ ඔබතුමාට ඉල්ලන්න පුළුවන්නෙ ජනාධිපතිවරණයට නාමල්ගෙන් එක් මන්ත‍්‍රීවරයෙක් ඇසීය.

‘ඉස්සෙල්ලා අපි පක්ෂය හදාගන්න ඕනෙ. පක්ෂය කිවුවොත් එහෙම ජනාධිපතිවරනයට නෙවෙයි ඕනෙම මැතිවරණයකට එන්න සූදානම්. මොකද මම අභියෝග බාර ගන්න කෙනෙක්. හැබැයි අපි මුලින්ම බලන්න ඕනෙ හදන එක සහ සංවිධානය කරලා මැතිවරණයකට සූදානම් කරන එක. දේශපාලන මණ්ඩලයෙන් මට දීලා තියෙන වගකීම පක්ෂය හදන එක’ නාමල් රාජපක්‍ෂ පිලිතුරු ලෙස පැවසීය.

‘ගොඩක් දෙනෙක් ගම්වලට ගියාම අහනවා කවුද ජනාධිපති අපේෂකයා කියලා පක්ෂ සම්මේලනයෙන් පස්සෙ ගොඩක් පාක්ෂිකයින් ආපහු පණක් ලබලා ඉන්නෙ’ තවත් රාජ්‍ය ඇමතිවරයකු පැවසීය.

‘ඔව් අපෙන් ඡන්දෙ ඉල්ලන්න විශේෂයෙන්ම ජනාධිපතිවරණයකට අපේෂකත්වය ගන්න හතර දෙනෙක් ඉන්නවා. මමයි, බැසිල් රාජපක්ෂ ඉල්ලන්න තීන්දු කලොත් අපේක්ෂක එතනම හයදෙනෙක් ඉන්නවා නාමල් රාජපක්‍ෂ පැවසීය.

‘ඔව් එහෙම තරගයක් ඇතිවෙන එක හොදයි’ මන්ත්‍රීවරයකු එම කතාව අනුමත කලේය.

මෙම රැස්වීමේදී ජනවාරි සිට පොහොට්ටුව ජනතාව අතරට ගෙන යෑමේ වැඩ පිලිවෙලක් සංවිධානය කිරීමට කතිකා කරගෙන තිබිණි.

  • Repoter
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ධන බද්ද ක්‍රියාවට නැංවීම කල්දමයි . . .

Sun Dec 24 , 2023
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරට තුළ ක්‍රියාත්මක කරන ලෙස යෝජනා කර තිබූ, ධන බද්ද ක්‍රියාවට නැංවීම කල් දැමීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මීට පෙර එය 2024 වසරේ සිට ධන බද්ද ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දුන්නා. කෙසේවෙතත් ලෝකයේ වෙනත් කිසිඳු රටක ධන බද්ද ක්‍රියාත්මක නොවන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x