ත්‍රිපෝෂ නිෂ්පාදනය ඇනහිටී . . .

දරුවන්ගේ ත්‍රිපෝෂ සෑදීම සඳහා බඩඉරිගුවල අඩංගු වියයුතු ඇෆලටොක්සින් පිළිබද ප්‍රතිශතය සංශෝධනය කරමින් අමාත්‍ය මණ්ඩලය ලබාදුන් තීන්දුව පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය මෙතෙක් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමට නිර්දේශ ලබා නොදීම නිසා ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරිමට නොහැකි වී ඇති බව වාර්තා වේ.

මෙම ඇෆලටොක්සින් ප්‍රතිශතය පිළිබඳව පැන නැගුනු ගැටළු හේතුවෙන් පසුගිය වසර දෙකක පමණ කාලයක සිට ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීමට නොහැකි වී ඇති බව ත්‍රිපෝෂ සමාගම සඳහන් කරයි.

මේ පිළිබඳව කළ විමසිමකදී ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න ප්‍රකාශ කළේ දරුවන් සඳහා ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරිමට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබා දී ඇති නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ඉදිරිපත් කර ඇති බවත් ඒ සඳහා මෙතෙක් සුදුසු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත්ය. දරුවන්ට ත්‍රිපෝෂ සෑදීම සඳහා ගනු ලබන බඩඉරිගුවල අඩංගුවිය යුතු ඇෆලටොක්සීන් ප්‍රමාණයය බිපිපි එකට අඩු අගයක පැවැතිය යුතුය.

ත්‍රිපෝෂ සමාගමේ සභාපති දිප්ති කුලරත්න ප්‍රකාශ කළේ ඇෆලටොක්සීන් ප්‍රමාණය මැන බැලීම සඳහා විෂමාකාර මිනුම් දණ්ඩක් පවතින නිසා එම කාර්යය සිදු කිරිමද අපහසු බවය. කෙසේ වුවද මේ වනවිට ගැබිණි මව්වරුන්ට සහ කිරිදෙන මව්වරුන්ට අවශ්‍ය ත්‍රිපෝෂ පැකට් ලක්ෂ දහතුනක් මසකට ලබාදෙන බව සභාපතිවරයා සඳහන් කළේය.

  • වරුණි පෙරමුණ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දරුවන් අතර ශ්වසන රෝග පැතිරයාමේ අවදානමක් . . .

Tue Dec 26 , 2023
මේ දිනවල දරුවන් අතර ශ්වසන රෝග පැතිරයාමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. නි‍යෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී. විජේසුරිය සඳහන් කළේ, පුද්ගලයින් ඒකරාශී වන ස්ථානවලින් දරුවන් දුරස්ව තබා ගත යුතු බවයි. හැකි සෑම විටම මුව ආවරණයක් පැළදීමට කටයුතු කරන ලෙස ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. aruna

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x