දිවයින පුරා විදුලිය බිඳ වැටීමේ වරද ලංවීම පිළිගනියි . . .

දිවයින පුරා පසුගිය 9 වනදා සිදුවූ විදුලි බිද වැටීමට හේතුව තම වරදක් බවට ලංකා විදුලිබල මණ්ඩලය පිළිගෙන ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සදහන් කරයි.

පසුගියදා පැවති මාසික සභාවාරයේදී ඔවුන් ඒ බව දැනුම්දුන් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මංජුල ප්‍රනාන්දු පැවසීය.

විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර ඇත්තේ, පසුගිය 09වැනිදා පැය 5කට ආසන්න කාලයක් විදුලි බිඳවැටීම යථාතත්ත්වයට පත් කිරීමට හැකියාව නොලැබීම තම මණ්ඩලයේ ගැටලුකාරී තත්ත්වයක් බවය.

අදාල විදුලි බිඳවැටීමට හේතුවී ඇත්තේ පද්ධතියේ පවතින ගැටළු බවට විදුලිබල මණ්ඩලය පෙන්වාදී තිබේ.

කොත්මලේ, බියගම සම්ප්‍රේෂණ මාර්ගයේ හටගත් දෝෂය යළි සිදුනොවීමට නම් නව සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදිකළ යුතු වේ.

මේ පිළිබඳ සියලු පාර්ශව සමඟ සාකච්ඡා කර තීරණයකට එළඹිය යුතු බව ද මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මංජුල ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසීය.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විග්නේෂ්වරනුත් ජනපති සටනට . . .

Wed Dec 27 , 2023
දෙමළ දේශපාලන පක්ෂවල එකඟතාවයකින් යුතුව ආරාධනයක් කරන්නේ නම් තමා මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයකු  වශයෙන් ඉදිරිපත් වීමට  සූදානම් බව දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී  විග්නේෂ්වරන් පැවසීය. දෙමළ දේශපාලන පක්ෂ තනි තනිව ජනාධිපතිවරණ අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට වඩා පොදු ද්‍රවිඩ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම කාලෝචිත බවද ඔහු සඳහන් කළේය. පොදු ද්‍රවිඩ අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x