ජනවාරි මාසයේ සිදුවන වැට් බදු සංශෝධනය හේතුවෙන් ජල ගාස්තුව ද ඉහළ නැංවෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එහි වාණිජ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත මේ බව පැවසීය. මේ හේතුවෙන් ජල ගාස්තුව සියයට 03කින් පමණ ඉහළ යාමක් සිදුවන බව ඔහු පැවසුවේය. aruna

වැට් බදු ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බස්, පාසල් ළමුන් ප්‍රවාහන සේවා හා ත්‍රිරෝද රථ හිමියන්ගේ අවධානය යොමුවී තිබේ. සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අන්ජන ප්‍රියන්ජිත් පැවසුවේ, වැට් බදු ඉහළ යාම හමුවේ අවම බස් ගාස්තුව රුපියල් 35 ක් දක්වා ඉහළ යායුතුව ඇති බවයි. aruna

ලබන වසරේ ජනවාරි පළමු වැනි දා සිට අවස්ථා කිහිපයක දී බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය කිරිමට ගෙන තිබූ තීරණය කල් දැමීමට පියවර ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. වාහන ලියාපදිංචි කිරීමේ දී ආදායම් බලපත්‍ර ගැනීමේ දී සහ දේපොළ මිල දී ගැනීමේ දී බදු ගොනුවක් විවෘත කිරීම ජනවාරි පළමු […]

පළාත් සභා යටතේ පාසල් සියල්ල පවත්වාගෙන යාමට, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව යෝජනා වී ඇතැයි අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි වී. රාධක්‍රිෂ්ණන් පැවසීය. ඒ අනුව, ජාතික හා පළාත් යනුවෙන් පාසල් දෙවර්ගයක් මින් ඉදිරියට පවත්වාගෙන නොයාමටත්, අධ්‍යාපන අමාත්‍යාාංශය සිදුකළ පාසල් අධීක්ෂණය හා පරිපාලන කටයුතු පළාත් සභාවලට පැවරීමටත් ප්‍රතිසංස්කරණ ඉදිරිපත් […]

ජනවාරි 1 වන දා සිට වයස අවුරුදු 18ට වැඩි සියලු ම දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය (TIN) ලබා ගත යුතු බව දේශිය අදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඒ.එම්. නෆීර් පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ ( දෙසැ. 28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවති වැට් සංශෝධන පනත සහ එහි බලපෑම පිළිබඳව […]

දඹුල්ල නගරයේ සිල්ලර එළවලු වෙළෙඳපලේ අමු මිරිස් එක කරලක් රු 10ත් – 15ත් අතර මිලකට අලෙවි වී තිබේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අමු මිරිස් කිලෝවක් රු 1,300 ත් 1,500 ත් අතර තොග මිලයකට අද (29) දින අලෙවි වී තිබේ. එමෙන්ම සිල්ලර වෙළෙඳපලේ අමු මිරිස් කිලෝව රු 1,800 ක මිලකට අලෙවි වූ […]

හැකි සෑම අවස්ථාවකම මුව ආවරණ  පළඳින ලෙස  වසංගත රෝග විද්‍යා ආයතනයේ විශේෂඥ වෛද්‍ය  චින්තන පෙරේරා ඉන්දියාවේ දඹදිව ඇතුළු විදේශ සංචාරවල යෙදෙන ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. විදේශ සංචාරවලදී අසනීප තත්වයක් ඇති වුවහොත් වහා වෛද්‍ය උපදෙස් ගැනීම වැදගත් බවද  ඔහු සඳහන් කළේය. මේ අතර රටේ කොව්ඩ්  තත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන  වෛද්‍ය පර්යේෂණ […]

රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ගමන් කළ ජීප්රිය වෙනත් මෝටර් රථයක ගැටි සිදු වු අනතුරින් පසු එම වාහනයේ ගමන් ගත් පිරිස ඇමැතිවරයාගේ වාහනයට පහරදී අලාභහානි කර ඇතැයි පොලීසිය කියයි. ඇමතිවරයා ඇතුළු පිරිසක් දංකොටුව ප්‍රදේශයෙ පැවති උත්සයකට සහභාගි විමට යද්දී මාරවිල මෝදරවැල්ල දෙවස්ථානය ඉදිරිපිටදි වංගුව ප්‍රදේශයෙදී අද (29 ) මෙම අනතුර සිදුව ඇත. අදාළ අවස්ථාවේ රාජ්‍ය […]

ඉන්දියන් සාගරය තුළ අද (29) දිනයේ  භූ කම්පන හතරක් වාර්තා වී ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පවසයි. අද පෙරවරු 8ට පමණ අවසන් වරට වාර්තා වූ භූ කම්පනය රික්ටර් පරිමාණයේ ඒකක 5ක් ලෙස සටහන්ව ඇති බව එහි ප්‍රකාශකයකු පැවසීය. මෙයට පෙර අද අලුයම් කාළයේදී  රික්ටර් පරිමාණයේ ඒකක 4.8ක්, 5.2ක් […]

මත්පැන් මිල ගණන් සංශෝධනය කළ බව ඩිස්ටිලරීස් සමාගම (Distilleries Company of Sri Lanka PLC) පවසයි. මෙම මිල ඉහළ දැමීම 2024 ජනවාරි පළමු වනදා සිට ක්‍රියාත්මක අතර වැට් වැඩිවීම මත මෙම මිල ගණන් සංශෝධනය කර ඇති බව එම සමාගම පවසයි. ඒ අනුව මිලිලීටර් 750 මත්පැන් බෝතලයක් රුපියල් 90කින් මිල ඉහළ දමා තිබෙයි. මිලිලීටර් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.