තේ දළුවල ප්‍රමිතිය ඉහළට . . .

තේ දළුවල ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා ලංකා තේ මණ්ඩලය විසින් හඳුන්වා දෙන ලද B 60 වැඩ පිළිවෙළ ජනවාරි මස 01 දින සිට බලාත්මක කළ බව ලංකා තේ මණ්ඩලයේ කොමසාරිස් ජයන්ත එදිරිසිංහ ඊයේ (03) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ට දැනුම් දුන්නේය.

තේ දළුවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන B 60 වැඩ පිළිවෙළ ජනවාරි මස 01 දින බලාත්මක කර ඇත්දැයි සොයා බැලීම සඳහා කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය කළේය.

නෙලා ගන්නා ලද තේ දළුවලින් සියයට 60ක් ළපටි දළුවලින් සමන්විත ව තිබීම මෙම B 60 වැඩ පිළිවෙළ යටතේ අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන් මෙරට නිෂ්පාදනය කෙරෙන තේවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන අතර සෑම තේ කර්මාන්ත ශාලාවක්ම මෙම ප්‍රතිපත්තිය ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක කිරීම අනිවාර්ය කරමින් තේ කොමසාරිස්වරයා විසින් අදාල තේ කර්මාන්තශාලාවල කළමනාකාරිත්වය දැනුම්වත් කර තිබේ.

මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම මගින් මෙරට වාර්ෂික තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 90කින් ඉහළ යන අතර ප්‍රතික්ෂේපිත ( Refused Tea) තේ අන්තර් ගතවීම සියයට 07 දක්වා අවම කර ගැනීමට හැකිවේ.

සාමාන්‍යයෙන් නිෂ්පාදනය කරන තේවලින් ප්‍රතික්ෂේපිත තේ (Refused Tea) තිබිය හැකි ප්‍රමාණය සියයට 07ක් වුවද , B 60 වැඩ පිළිවෙළ ක්‍රියාත්මක නොකිරීම තුළ එය සියයට 17 දක්වා ඉහළ යා හැකිය. එයට හේතුව මෝරන ලද තේ දළු නෙලීමට කර්මාන්තකරුවන්ට සිදුවීමයි.

මෙම තත්ත්වය අවම කර ගැනීමට නම් සෑම සතියකට වරක්ම තේ දළු නෙළිය යුතු අතර මෙම B 60 වැඩ පිළිවෙළ යටතේ එක් තේ වත්තකින් නෙලා ගත හැකි දළු අස්වැන්න සියයට 20කින් ඉහළ යනු ලබයි.

තේවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම තුළින් තේ වතු හිමියන්ට වැඩි ආදායමක් උපයා ගැනීමටත් එමගින් සේවක මණ්ඩල සඳහා වැඩි වරප්‍රසාද ලබා දීමටත් හැකි වේ.

කිසියම් තේ කර්මාන්තශාලාවක් B 60 වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීම සිතා මතා කඩාකප්පල් කළහොත් එම තේ කර්මාන්ත ශාලාවේ ලියාපදිංචි කිරීමේ බලපත්‍රය අහෝසි කිරීමට පියවර ගන්නා බව ද තේ කොමසාරිස් ජයන්ත එදිරිසිංහ පැවසීය. ඒ සඳහා බලතල තේ මණ්ඩල පනත මගින් කොමසාරිස්වරයාට පවරා ඇත.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පක්ෂයෙන් පනින අයට අනාගතයක් නෑ . . .

Thu Jan 4 , 2024
පක්ෂයෙන් පනින අයට කිසිදු අනාගතයක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය. ඔහු මේ බව පැවසුවේ ශාන් විජයලාල් සමඟි ජන බලවේගයට එක් විම සම්බන්ධයෙන් අදහස් දක්වමිණි. එලෙස පනින අයගේ ඉරණම ඉදිරි මැතිවරණවලදී බලාගත හැකි යැයිද සිරිසේන කීවේය. ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා පක්ෂයෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x