විදුලි බලය -ඉන්ධන සැපයුම අත්‍යවශ්‍ය සේවා කරයි . . .

විදුලි බල සැපයුම, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

වරාය ඇතුළත වූ ක්‍රියාවලියන් ආහාර හෝ පාන ද්‍රව්‍යයන් හෝ රට අඟුරු, තෙල් හෝ ඉන්ධන හෝ වෙනත් ගොඩ බෑම, ගෙන යාම ගබඩා කිරීම බාරදීම ,ගුවන් තොටුපළ ,වරාය ඇතුළු ගුවන් මගින් ගමනාගමන සේවා සඳහා පහසුකම් සැලසීම හා පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය සේවා බවට නම් කරන බව එම අතිවිශේෂ ගැසට් නිවේදනය සඳහන් වේ.

ජනවාරි තුන්වෙනිදා සිට බල පවත්වන පරිදි මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

උසස් පෙළ විභාගය අදින් ඇරඹේ . . .

Thu Jan 4 , 2024
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (04) ආරම්භ වෙයි. අද සිට ලබන 31 වන දින දක්වා විභාගය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 346,976 දෙනෙකු පෙනීසිටින අතර ඉන් 281,445ක් පාසල් අයදුම්කරුවන් ය. පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 65,531ක් බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේය. විභාගය මධ්‍යස්ථාන 2302කදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x