මිත්‍යාව පතුරවන්නන්ට දැඩි දඬුවම් . . .

මිත්‍යාදෘෂ්ටික මත පතුරුවමින් ජනතාව සියදිවි හානි කර ගැනීම් හෝ වෙනත් විෂමාචාර ක්‍රියා සඳහා පොළඹවන  ඊනියා දේශකයන්  හෝ පුද්ගලයන්ට  දැඩි  දඬුවම් පැමිණවීම සඳහා නව අණ පනත් සම්මත කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.

මේ අතර ජනතාව අතරේ  මිථ්‍යා මත පතුරවමින් සියදිවි හානි කර ගැනීම් සඳහා පෙළඹවූ බව කියන  මාලඹේ දේශකයා සහ ඔහුගේ අනුගාමිකයන් පිළිබඳව  කරුණු සොයා බැලීම සඳහා  විශේෂ පොලිස් කණ්ඩායම් තුනක්   පත් කරනු ලැබ සිටිති.

මේ සම්බන්ධයෙන් අප අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙවැනි මිථ්‍යා දෘෂ්ටික පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට දැනටමත්  යම් යම් නීති පවතින බවයි.

එසේම සියදිවි හානි කර ගැනීම සඳහා ප්‍රයත්න දරා බේරෙන පුද්ගලයන් සම්බන්ධයෙන්ද නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපාදන  පවතින බව හෙතෙම සඳහන් කළේය.

  • සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නුවර වැවේ ජෝයි බෝට්ටු සේවාවට සීල් . . .

Sun Jan 7 , 2024
මහනුවර ඓතිහාසික වැවේ පවත්වාගෙන ගිය ජෝයි බෝට්ටු සේවා ස්ථානයට සීල් තැබීමට කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වේ. ඒ, අදාළ සේවය පවත්වාගෙන යාමේ ටෙන්ඩර් කැඳවීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන්. මහනුවර නාගරික කොමසාරිස් ඉශාන් විජේතිලක ප්‍රකාශ කර තිබුණේ, එම ජෝයි බෝට්ටු සේවාවේ ගිවිසුම් කාලය හමාරවීමෙන් පසු නැවත ටෙන්ඩර් කැඳවීමේදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x