IMF නියෝජිතයින් අද දිවයිනට . . .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (10) රාත්‍රි දිවයිනට පැමිණීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යංශය සඳහන් කළේ හෙට (11) සිට ලබන 17 වැනි දා දක්වා ඔවුන් මෙරට රැඳී සිටින බවයි.

මෙරට ආර්ථිකයේ මෑත කාලීන ප්‍රවණතා පිළිබඳ අධ්‍යයනය කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වේ.

එමෙන්ම මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලැබීමත් සමග මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අධ්‍යයනය එම කණ්ඩායම විසින් සිදු කරන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

ඔවුන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශ හා මහ බැංකු නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට ද සැලුසම් කර තිබේ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මිල්කෝ ආයතනයට කිරි හිගයක් . . .

Wed Jan 10 , 2024
මිල්කෝ ආයතනය පවත්වාගෙන යෑම සඳහා කිරි මිලදී ගැනීම සම්බන්ධයෙන් අභියෝගාත්මක තත්ත්වයක් උද්ගතව ඇතැයි පශු සම්පත් රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත් පැවසීය. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (09 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව පැවසුවේය. මිල්කෝ ආයතනයේ නිෂ්පාදන කටයුතු සඳහා දෛනිකව කිරි ලීටර් ලක්ෂ හතරක් අවශ්‍ය වූවද, එය පසුගිය කාලයේදී ලීටර් ලක්ෂ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x