කන්දකාඩු කඳවුරේ ලොක්කෝ ඉවතට . . .

රැඳවියන් අතර ගැටුමක් ඇතිවූ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කළමනාකාරීත්වය ඉදිරියේදී වෙනස් කිරීමට බලාපොරොත්තු වන බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ලංකාදීපයට පැවසීය.

එම ගැටුම සම්බන්ධයෙන් තමා වාර්තාවක් ඉල්ලා ඇතැයිද ඔහු සඳහන් කළේය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය සම්බන්ධයෙන් ඉදිරියේදී අලුත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ අමාත්‍යවරයා මධ්‍යස්ථානයට දෙවැනි වතාවට පැමිණෙන රැඳවියන් වෙනත් ස්ථානයකට යැවීමට පියවර ගන්නා බවද සඳහන් කළේය.

එහි බොහෝ ගැටුම්වලට මුල පුරා ඇත්තේ දෙවෙනි වතාවට පැමිණෙන රැඳවියන් බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී ඇතැයි විජයදාස රාජපක්ෂ පැවසීය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවියන් දෙපිරිසක් අතර  ඇතිවූ ගැටුමකින් රැඳවියෝ විසිපස් දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටිති.

එම ගැටුම අතරේදී රැඳවියන් පනස් දෙනකු පලා ගිය නමුත් ඉන් විසි පස් දෙනෙක් පොලිසිය විසින් පසුව අත්අඩංගුවට ගනු ලැබූහ.

  • සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

හෙට්ටි වීදි­යේදී කෝටි එක­හ­මා­රක රන් මුදල් කොල්ල­කති . . .

Sat Jan 13 , 2024
රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න වටිනා රත්රන් සහ විදේශීය මුදල් අඩංගු පාර්සලයක් රැගෙන යමින් සිටි පුද්ගලයකු පිටකොටුව හෙට්ටි වීදියේදී ත්‍රිරෝද රථයකින් පැහැරගෙන ගොස්, ඒ පාර්සලය කොල්ලකා පලාගොස් ඇතැයි පිටකොටුව පොලිසිය කියයි. ඒ පාර්සලය තුළ කැරට් 21-22 ප්‍රමාණයේ රත්රන් ග්‍රෑම් 432ක් කැරට් 24 ප්‍රමාණයේ රත්තන් ග්‍රෑම් 92ක් රුපියල් ලක්ෂ 19ක විදේශීය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x