රටින් ගෙනා මස් තොගයට සීල් . . .

කොළඹ තරු පහේ හෝටලයක දින දහයක් පුරා පවත්වන ආහාර ප්‍රදර්ශනයකට නිසි අවසරයකින් තොරව එංගලන්තයෙන් ගෙන්වූ හරක් හා ඌරු මස් කිලෝ තුන්සියයක් පමණ සෞඛ්‍ය අංශ භාරයට ගෙන ඇත.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් නිසි අවසරය නොගැනීමත්, මෙම මස් නිකුත් කළ එංගලන්ත සමාගමෙන් ඒවා මනුෂ්‍ය පරිභෝජනයට සුදුසුද යන්න තහවුරු කරන කිසිදු සහතිකයක් නොමැතිකම නිසාත් සිය භාරයට ගත් මෙකී මස් තොගය මුදා හැරිම සෞඛ්‍ය අංශ විසින් ප්‍රතික්ෂේප කර ඇත.

කෙසේ වෙතත් මෙම මස් තොගය සාම්පල් පරීක්ෂාවක් සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කර තිබේ. එම සාම්පල පරීක්ෂා කරන තුරු භාවිතයට නොගන්නා ලෙස දන්වා මස් තොගය ශීතාගාරවල වෙනම රඳවා තැබීමේ නියෝගය මත මුදා හැර ඇත. මෙහි වාර්තාව ඉදිරි දින කිහිපයේදී ලබා​දෙන බව වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර අරුණ කළ විමසුමකදී පැවසීය.

මීට පෙර මෙරටට චීනයෙන් ගෙන්වූ ඌරු මස් ඇතුළු මස් තොගයක් විනාශ කර දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබුණේ රටවල් ගණනක සූකර උණ ව්‍යාප්තවීම නිසාය.

  • තිස්ස රවීන්ද්‍ර පෙරේරා / වරුණි පෙරමුණ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මැතිසබේ බත්පතත් ඉහළට . . .

Sat Jan 13 , 2024
වැට් බදු සමග ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම හේතුවෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට මෙන්ම සේවක සේවිකාවන්ට කෑම බීම සඳහා යන වියදමද දෙගුණයකින් පමණ වැඩිවීඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය. මේ හේතුවෙන් එම පිරිස් සඳහා ආහාර සැපයීම  අද  බරපතළ අභියෝගයක්වී ඇතැයි වාර්තාවේ. පාර්ලිමේන්තුවේ කෑම බීම වෙනුවෙන් රජය අතිවිශාල මුදලක් දැරුවත් මන්ත්‍රීවරුන්ගෙන් සහ සේවකයන්ගෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x