කරාපිටියේ වර්ජනය දිග්ගැස්සෙන ලකුණු . . .

කරාපිටිය මහ රෝහලේ කිෂාන්ත පෙරේරා නැමැති ශල්‍ය වෛද්‍යවරයාගේ හැසිරීමට එරෙහිව වහාම විනය පරීක්ෂණයක් සිදු කරන්න යැයි ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සභාපති රවී කුමුදේශ් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිපියක් යොමුකර තිබේ.

ඊයේ (16) වැඩ වර්ජනයට සහභාගි වූ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට තර්ජනය කර, අසැබි වචනයෙන් බැන වදිමින් ක්‍රියා කළ මෙම ශල්‍ය වෛද්‍යවරයාට එරෙහිව වහාම විනය පරීක්ෂණයක් ආරම්භ කර, අනිසි හැසිරීම පාලනය කරන ලෙසත් ඔහු වැඩි දුරටත් ලිපියේ අවධාරණය කර තිබේ.

ඊට පියවර ගැනීම ප්‍රමාද කලහොත් කරාපිටිය ශික්ෂණ රෝහලේ වර්ජන ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සිදු වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සිවුරක් ඇඳගෙන දුම්රියපොළේ යකා නටයි . . .

Wed Jan 17 , 2024
කොටුව දුම්රියපොළෙහි භික්ෂු විවේකාගාරය තුළ බීමතින් අශෝබන ලෙස චීවරයක් දරාගත් තැනැත්තු හැසෙරන බවට ලද තොරතුරක් අනුව ඒ පිළිබදව විමසීමට ගිය දුම්රිය පොළ පොලිස් මුරපොළෙහි නිලධාරීන් දෙදනකුට පහරදී සපා කා පොලිස් නිලධාරියකුගේ අත තිබූ වෝකිටෝකි යන්ත්‍රය පොළොවේ ගැසූ බව කියන චීවරයක් දරාගත් තැනැත්තකු අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය පවසයි. මෙහිදී තුවාල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x