කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍ර දෙකම නැවත 1 වැනිදා . . .

මෙවර අපොස උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍ර දෙක ලබන පෙබරවාරි මස 1 වැනිදා නැවත පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

ඒ අනුව පෙබරවාරි මස 1 වැනිදා පෙරවරු 8.30 සිට 11.40 දක්වා කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍ර ද, එදින පස්වරු 1.00 සිට 3.00 දක්වා කෘෂි විද්‍යා පළමු ප්‍රශ්න පත්‍ර ද, පවත්වන බව කියන විභාග කොමසාරිස් ජනරාල්වරයා පාසල් අයදුම්කරුවන්ට අදාළ විදුහලේ විදුහල්පතිවරයාට ද, පෞද්ගලික අයදුම්කරුවන්ට පෞද්ගලික ලිපිනයට ද , විභාග ප්‍රවේශ පත්‍රය යොමු කරන බවද සඳහන් කරයි.

කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍ර පිටවී ඇති අතර පළමු ප්‍රශ්න පත්‍රයේ ද ප්‍රශ්න කීපයක් පිටවී ඇති බවත් ඒ හේතුවෙන් මෙසේ එම ප්‍රශ්න පත්‍ර දෙක නැවත පැවැත්වීමට තීරණය කළ බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර වැඩිදුරටත් සඳහන් කළේය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කරාපිටියේ වර්ජනය දිග්ගැස්සෙන ලකුණු . . .

Wed Jan 17 , 2024
කරාපිටිය මහ රෝහලේ කිෂාන්ත පෙරේරා නැමැති ශල්‍ය වෛද්‍යවරයාගේ හැසිරීමට එරෙහිව වහාම විනය පරීක්ෂණයක් සිදු කරන්න යැයි ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සභාපති රවී කුමුදේශ් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිපියක් යොමුකර තිබේ. ඊයේ (16) වැඩ වර්ජනයට සහභාගි වූ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට තර්ජනය කර, අසැබි වචනයෙන් බැන වදිමින් ක්‍රියා කළ මෙම ශල්‍ය වෛද්‍යවරයාට එරෙහිව වහාම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x