නාරම්මල උණුසුම් කළ වෙඩිල්ල . . .

නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරකින් රියදුරෙකු මියයෑමේ සිද්ධියෙන් පසු නාරම්මල පොලීසිය ඉදිරිපිට ඔහුගේ ඥාතීන් සහ ප්‍රදේශ වාසීන් පිරිසක් විරෝධය පළ කරමින් ඊයේ රාත්‍රියේ රැස්වී කළහාකාරී ලෙස හැසිරීම නිසා උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි. ගේට්ටු කඩා බිඳ දමා පොලීසියේ දේපළවලට ද රැස්වු පිරිස් හානි කර ඇත.

ඒ අනුව තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් යෙදවීමට පියවර ගෙන තිබුණි. ඊයේ සවස් කාලයේදී නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේදී පොලිස් නිලධාරීයෙකුගේ ගිනි අවියක් හදිසියේ ක්‍රියාත්මක වීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබුණි. ඊයේ පස්වරුවේ නාරම්මල පොලීසියේ නිළධාරීන් පිරිසක් මෙහෙයුමක් සිදුකරමින් සිටින අතරවාරයේ නාරම්මල නගරය ආසන්නයේදී කුඩා ලොරි රථයකට නවත්වන ලෙස අණ කර ඇති අතර එම රථය අණ නොතකා ධාවනය කර ඇති බව පොලීසිය පැවසීය. එහිදී උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු යතුරුපැදියකින් එම ලොරි රථය හඹා ගොස් එය නවතා දම්පැලැස්ස හංදිය අසලදී පරීක්ෂාවට ලක්කර තිබේ. එම අවස්ථාවේදී උප පොලිස් පරීක්ෂකවරයාගේ ගිනි අවිය ක්‍රියාත්මක වී ලොරි රථයේ රියදුරුට වෙඩි වැදී ඇති බව සඳහන් ය.වෙඩි වැදීමෙන් ලොරි රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 40 හැවිරිදි අලවිට ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු වන අතර සිද්ධියට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරයා නාරම්මල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

  • divaina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බැස්ටියන් මාවතේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම නවතියි . . .

Fri Jan 19 , 2024
පිටකොටුවේ බැස්ටියන් මාවතේ අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීම ආණ්ඩුකාරවරයාගේ නියෝගය මත නතර කර තිබෙයි. පිටකොටුව බැස්ටියන් මාවතේ තාවකාලිකව ඉදිකර ඇති කඩ ඉවත් කිරීමට  අද (19) පොලිසීය පැමිණියේය. ඒ බැකෝ රථ සහ ට්‍රැක්ටර් රථ ද සමඟිනි. ඉන් අනතුරුව එම ස්ථානයට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝජිතයෙකු පැමිණ කඩ ඉවත් කිරීම තාවකාලිකව නතර කරන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x